රාත්‍රී හතෙන් පසු ජනතාවට නිවෙස්වලට යෑමට බස් නෑ..- මල්වතු මහනාහිමි

December 27, 2019 at 2:12 am | lanka C news
රාත්‍රී හතෙන් පසු ජනතාවට නිවෙස්වලට යෑමට බස් නෑ..- මල්වතු මහනාහිමි

අහිංසක මගී ජනතාවට රාත්‍රී කාලයේදී තම නිවෙස්වලය යෑමට බස් රථ යොදවන ලෙස සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති හසිත විජේතිලක මහතාගෙන් ඉල්ලා සිටියහ.

නව සභාපතිවරයා මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී මෙම ඉල්ලීම කළ මහනාහියන් මෙසේද කීහ.

විශේෂයෙන් ගම්බද ජනතාවට සවස 6න් 7න් පසු තමන්ගේ ගෙවල්වලට යෑමට බස් රථ නෑ. මේක අපි හැම කෙනෙකුටම පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවලට මේ තත්වය තදින්ම බලපානවා. ඒ විතරක් නෙවෙයි. සමහරුන්ට නුවර සිට පේරාදෙණියට යෑමටත් නුවර සිට අම්පිටියට යෑමටත් සවස 7න් පස්සේ බස් නෑ. ඔබතුමා වැනි උදවිය මේ තත්වය වෙනස් කළ යුතුයි. එහෙම නැතිව ජනතා ප්‍රසාදයක් දිනාගැනීමට හැකිවන්නේ නෑ.

මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමල ධම්ම නාහිමියෝ අදහස් දක්වමින් මෙසේ කීහ.රාත්‍රී කාලයට බස් නැතුව අහිංසක මගී ජනතාව අපමණ දුක් විදිනවා. මේවා හොයා බලන්න කවුරුත් නෑ. අප හැමදෙනාටම මේ ගැන කියනවා. හැමෝම කියලා යනවා හරි නායක හාමුදුරුවනේ කියලා නමුත් මිනිස්සු පාරට බැස්සහාම බස් නෑ. මේකෙන් දුක් විදින්නේ අහිංසක දුගී දුප්පත් ජනතාව. වාහන තියෙන අය ඒවායෙන් යයි. අහිංසක මිනිස්සු බස් එකෙන් මිස මොකෙන් යන්නද. ඔබතුමා වැනි අය මහමගට බැහැලා මේවා හොයන්න ඕනී. නැත්තම් ඔය තනතුරුවලින් ඇති වැඩක් නෑ.

මෙහිදි අදහස් දැක්වු මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති හසිත විජේතිලක මහතා,

ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා මම ඉතා ගෞරවයෙන් පිලිගන්නවා. ආණ්ඩුකාරතුමා හමුවී මෙම තත්වය පැහැදිලි කර එතුමාගේ උපදෙස් ලබාගෙන මේ රාත්‍රී ප්‍රවාහන සේවා කටයුතු විධිමත් කිරීමට මා කටයුතු කරනවා. ආණ්ඩුකාරතුමා මේ සම්බන්ධයෙන් දැනටමත් මා දැනුවත් කර තිබෙනවා.

– රුක්මල් දුෂාන්ත

114 views

17 Comments to “රාත්‍රී හතෙන් පසු ජනතාවට නිවෙස්වලට යෑමට බස් නෑ..- මල්වතු මහනාහිමි”

  1. Kadiya says:

    විකාර නැතිව නුවර රථවාහන තදබදය ඉවත්කරන්න තමුන්ට පුලුවන්දේ කරනවා. එක්කෝ දළදා මාලිගාව ලඟින් යන පාර අරිනවා. නැතිනම් රටේ රජ්ජුරුවන් ඉන්න කොළඹ හෝ ශ්‍රී ජයවර්ධනපුර අලුත් දළදා මැදුරක් හදලා දළදා වහන්සේ එතැනට වඩම්මනවා. නිකම් වැල් බයිලා දෙසන්නේ නැතිව.

    • බිල්ල says:

      ඒකනම් ඇත්ත, මුන්ට පිස්සුවුනාට බස්කාරයන්ට පිස්සු නැහැ වැව වටේ රස්තියාදු වෙවී ඩීසල් පුච්චන්න. මිනිත්තු 1 ගමනට මිනිත්තු 20 ගතවෙනවා මේ මාෆියාව නිසා.

  2. Asoka says:

    අපේ හාමුදුරුවනේ බුද්දගයාව ලුම්බිණිය ළඟිනුත් වාහන යන්න ඉඩ දීලා තියෙනවා. එහෙව් එකේ දළදා මාලිගාව අසලින් වාහන යන්න ඉඩදෙන්නකෝ? දැන් මහනුවර පාසැල් යන දරුවෝ කී දෙනෙක් කියලා පෙනහළු ආශ්‍රිත ලෙඩ හැදිලා තියෙනවද මේ නිසා. අනෙක ඉතින් සල්ලිකාරයන්ට ගනින්නාන්සේලාට නම් ඉතින් vip පාස් ගහගෙන මාලිගාව ඇතුලටම වාහන වලින් යන්න පුළුවන්නේ.ඔබලා තමයි බුදුන්ගේ නිර්මල බුදුදහම විනාස කරන්නේ. මිනිසුන් අන් ආගම් වලට යන්නේ බුදුදහමට කරන මේ විනාසය සහ සඟ මාෆියාව දැකලයි. ඔබලාට ලැබෙන කෝටි ගණන් හම්බකරන සල්ලි වලට මොකද කරන්නේ?

  3. saman says:

    menna mu aharila

  4. Maha Cheewaradariya says:

    Thaman wahanse Benz walin saha Prado walin wadammanakota 7n passe pare bus nathieka gana katha karanna thibena sadachaarathmaka ayithiya pahadili karanawada haamuduruwane?
    Eke amaruwa danne buswala yana ewun pamani!

  5. andhaya says:

    sri lankawe thiyena ekama prasne oka thamai un wahanne dakala thiyenne

Main News