රාධ ක‍්‍රිෂ්ණන් උදැල්ල ලකුණින් මැතිවරණයට වෙනම තරග කරයි..

February 24, 2020 at 12:00 pm | lanka C news
රාධ ක‍්‍රිෂ්ණන් උදැල්ල ලකුණින් මැතිවරණයට වෙනම තරග කරයි..

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි දමිල ප්‍රගිතිශිලි සන්ධානය නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා අපෙක්ෂකයන් සිව්දෙනෙක් ඉදිරිපත් කල හොත් කදුරට ජනතා පෙරමුණ දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙන් ඉවත් වි තම පක්ෂයේ උදැල්ල සලකුණ යටතේ තනිවම තරග කිරිමට තිරණය කර ඇති බව කදුරට ජනතා පෙරමුණේ මහ ලේකම් ඒ.ලොරන්ස් මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ.ලොරන්ස් මහතා කියා සිටියේ දමිල ප්‍රගිතිශිලි සන්ධානය ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා සිව්දෙනෙක් ඉදිරිපත් කරන බවට තමන් වෙත තොරතුරු ලැබිමත් සමග තම පක්ෂයේ දේශාපාලන මණ්ඩලය (23) දින නුවරඑලියේදි රැස්වි එ පිලිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත් වු බවයි.

එම සාකච්ඡාවේදි කදුරට ජනතා පෙරමුණේ නායක හිටපු අමාත්‍යය වි.රාධාක්‍රිෂ්ණන් මහතාගේ නායකත්වය යටතේ උදැල්ල සලකුණ යටතේ තිනවම තරග කිරිමට දේශපාලන මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවද ඒ.ලොරන්ස් මහතා පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ඒ.ලොරන්ස් මහතා කියා සිටියේ දමිල ප්‍රගිතිශිලි සන්ධානය මෙතෙක් පලනි දිගම්බරම් , වි.රාධාක්‍රිෂ්ණන් , එස්.තිලකරාජ් යන තිදෙනා නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා පා.ම වරුන් වශයෙන් කටයුතු කල බවයි.

මහ මැතිවරණයේදි සිව්දෙනෙකු තරග කල හොත් තම පක්ෂයට අගතියක් සිදු විමට ඉඩ ඇති බවත්, දමිල ප්‍රගිතිශිලි සන්ධානය මහ මැතිවරණය සදහා සිව් දෙනෙකු ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය තනිවම නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කර තම පක්ෂයේ නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා ජයග්‍රහණය කරවිමට කටයුතු කරන බවයි.

කදුරට ජනතා පෙරමුණ නොමැතිව දමිල ප්‍රගිතිශිලි සන්ධානයට  ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි මන්ත්‍රිවරුන් දිනා ගැනිම අභියෝගයක් බවද ඒ.ලොරන්ස් මහතා කියා සිටියි.

දමිලි ප්‍රගිතිශිලි සන්ධානය ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි පලනි දිගම්බරම් , එම්.තිලකරාජ් , වි.රාධාක්‍රිෂ්ණන් සහ එම්.උදය කුමාර් යන මහතුන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත් කිරිමට තිරණය කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

131 views

One Comment to “රාධ ක‍්‍රිෂ්ණන් උදැල්ල ලකුණින් මැතිවරණයට වෙනම තරග කරයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    udallen kotapan

Main News