රාමදාන් උත්සවය වෙනුවෙන් යුද හමුදාවෙන් ආහාර වේලක්…

June 1, 2019 at 2:02 am | lanka C news
රාමදාන් උත්සවය වෙනුවෙන් යුද හමුදාවෙන් ආහාර වේලක්…

එලඹෙන ජුනි 05 වනදාට යෙදී ඇති මුස්ලිම් වැසියන්ගේ රාමදාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් වැසියන් විශාල පිරිසකට රාත්‍රි ආහාර ලබා දීමේ ඉෆ්තාර් උත්සවය වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහාතගේ සංකල්පයකට අනුව 56 සේනංකාධිපති ප්‍රභාත් දෙමටන් පිටිය මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් වව්නියාව ජුම්මා මුස්ලිම් පල්ලියේදී මෙම ඉෆ්තාර් උත්සවය සංවිධානය කොට තිබුණි.

සාමාය ,සංහිදියව සහ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම ඉෆ්තාර් උත්සවය සඳහා හින්දු පූජක වරුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් මුස්ලිම් වැසියන් විශාල පිරිසකට රාත්‍රී ආහාර ලබා දීමේ ඊෆ්තාර් උත්සවය වෙනුවෙන් යුද හමුදාවේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,121 Viewers

3 Comments to “රාමදාන් උත්සවය වෙනුවෙන් යුද හමුදාවෙන් ආහාර වේලක්…”

  1. LION says:

    රාමදාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් වැසියන් විශාල පිරිසකට රාත්‍රි ආහාර ලබා දීම ගැන අපේ විරුද්ධත්වයක් නැත ඒ ගැන සතුටුයි එත් අපේ හමුදාව නෝම්බි බත් නම් කන්න එපා
    ඒවා කාපු දේශපාලකයෝ මුස්ලිම් අන්තවාදීන්ගේ නටවන රුකඩ බවට පත් වූ බව අමතක නොකරන්න ..ඒ නිසයි අද අපේ රටේ 300 අධික පිරිසක් ජිවිත නැති වුනේ ,දහස් ගණනක් සිංහල මවු වරු වද භාවයට පත් වුනේ ..
    වහබි මුස්ලිම් උවදුර මර්ධනය කිරීමට කටයුතු කරන්න

Main News