රාවණා රජ කාලයේ රහසක් රාජිත හෙලි කරයි..

November 25, 2017 at 8:02 am | lanka C news
රාවණා රජ කාලයේ රහසක් රාජිත හෙලි කරයි..

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ හා අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳ ප්‍රායෝගික භාවිතයේ වටිනාකම්, වර්ධනීය අවස්ථා සහ නවතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන Tradmed International – 2017 ප්‍රදර්ශණය හා සම්මන්ත්‍රණය 23 දින බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රෙය් දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ ආරම්භ කෙරිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“දකුණු ආසියානු කළාපය සහ ඉන් බැහැර ජාත්‍යන්තර මට්ටමේ පාරම්පරික දේශීය වෛද්‍ය සම්මන්ත්‍රණයක් හා ප්‍රදර්ශණයක් තමයි අද ආරම්භ වුයේ. මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ඉතා සාධාරණීයයි. ඊට හේතුව අපගේ පුරාණ ශිෂ්ඨාචාරය සහ සබැදුනු ඉතා උසස් මට්ටමේ පාරමිපරික දේශීය වෛද්‍ය ක්‍රමයක් අප රටේ පැවැතීමයි. එය රාවණා රජුගේ කාලය තෙක් ඈතට දිව යයි. එම වෛද්‍ය ක්‍රම මෙරට ඖෂධීය ශාඛ පදනම් කර ගනිමින් බිහි වී තිබුනා. කෙසේ වෙතත් 16 වන ශතවර්ෂයේ අගභාගයේ දී විදේශ ආක්‍රමණ හේතුවෙන් මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය පසුබෑමලක්වුනා. නිදහසින් පසු ආයුර්වේදය යළි දියුණු තත්ත්වයට පත් වුනා. පාරම්පරික වශයෙන් මෙන්ම ආයතන වශයෙන් පිරිනමන උපාධිය සමගින් එය තවත් වර්ධනය වුනා.

මෙරට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව මේ වන විට 30,000 ක් පමණ වෙනවා. ඒ ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනුවයි. ඔවන්ගෙන් සියයට 40 ක් පමණ වෘත්තීය සහ ආයතනිකව සුදුසුකම් ලද වෛද්‍යවරුන්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව උගන්වන ප්‍රධාන ආයතන 02 ක් තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලය සහ කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව එම ආයතන 02 ස්ථාපිත කර තිබෙනවා. එමෙන්ම ඉන්දීය විශ්ව විද්‍යාල මගින් පිරිනමන පශ්චාත් උපාධි පාඨමාලා ද බෙහෙවින් වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව තුල පාරම්පරික සහ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබද ජනතාවගේ විශ්වාසය පවතිනවා. එමෙන්ම දේශීය සහ බටහිර වෛද්‍ය ක්‍රමයන් අතර මනා සම්බන්ධතාවයක් ද පවතිනවා. මෙරට ජාතික සෞඛ්‍ය ක්‍රමය ශක්තිමත් කිරීමට එය හේතුවක්. සහතික කරන ලද පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම වගේම ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනය දියුණූ කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Tradmed International – 2017 මෙරට සහ කළාපය තුල දේශීය වෛද්‍ය විද්‍යාව විශ්වසනීයත්වයට පත්කරලීම සදහා දායක වනු ඇතැයි මම විශ්වාසය පළ කරනවා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවැති ආයුර්වේද ප්‍රදර්ශණයක දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මට පොරොන්දු වුනා ආයුර්වේද ප්‍රදර්ශණයක් පැවැතිවීම සදහා සහයෝගය ලබාදීමට. ඒ අනුව මම මෙම ප්‍රදර්ශණය සහ සම්මත්‍රණය සුදානම් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ සදහා මුදලින් සහ තාක්ෂණික දැනුමෙන් සහයෝගය ලබාදුන්නා.ශාකමය ඖෂධ සදහා මේ වනවිට ඇත්තේ විශාල ඉල්ලුමක්. එය 2018 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 110 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව මෙරට දේශිය වෛද්‍ය කුමය ගෝලීය ඉල්ලුමට සරිලන පරිදි ප්‍රවර්ධනය කිරීම අපේ එකම අරමුණයි. ඒ සදහා මෙම ප්‍රදර්ශණය ද විශාල රුකුලක්. මෙම ප්‍රදර්ශණය සහ සම්මන්ත්‍රණය තෙදිනක් පුරා නොමිලේ බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.”

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ඒකාබද්ධව ප්‍රදර්ශණය සහ සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත. මෙම ප්‍රදර්ශණය හා සම්මන්ත්‍රණය ලබන (25) සෙනසුරාදා පස්වරුවේ අවසන්වීමට නියමිතය. ප්‍රදර්ශණය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව උදා කර ඇත.

රටවල් 50 කට අධික සංඛ්‍යාවකින් දේශිය වෛද්‍ය ක්‍රම සහ අනුපුරක වෛද්‍ය ක්‍රම පිළිබද වෛද්‍යවරුන්, විද්වතුන්, සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන් සම්මන්ත්‍රණයට එක්වීමට නියමිතය. ප්‍රදර්ශණ කුටි 100 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම ප්‍රදර්ශණයට ජාත්‍යන්තර ආයුර්වේද නිෂ්පාදන සමාගම් ද කුටි ඉදිරිපත් කර ඇත. සෑම දිනකම දේශිය වෛද්‍ය ක්‍රම පිළිබද එක් එක් රටවල දැනුම හුවමාරු කර ගැනීමේ සැසිවාර පැවැත්වෙයි. තව ද මෙම ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය ද සහභාගිවීමට නියමිතය. මෙම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ හා අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රනය සහ අධ්‍යපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ශ්‍රී ලාංකීය වෛද්‍ය ක්ෂෙත්‍රයට නවමු අත්දැකීමක් වන බවට නොඅනුමානය.

මෙහිදී ජනාධිපතිවරයා ඇතුලු ආරාධිත අමුත්තන්ට ආයුර්වේද ග්‍රන්ථය පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුන අතර ප්‍රදර්ශණ කුටි නැරඹීම ද සිදු විය.
මෙම අවස්ථාවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලෙකම්වරුන්, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුඇතුලු නිලධාරීන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, නිලධාරින්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන්, හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලය, ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය, ඇතුලු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්, ඇමරිකාව, ඔස්ටේ්‍රලියාව, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, චීනය, මැදපෙරදිග රටවල් ඇතුලු සියලුම රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන්, නිලධාරීන්, මහාචාර්යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

118 views

3 Comments to “රාවණා රජ කාලයේ රහසක් රාජිත හෙලි කරයි..”

  1. lolla says:

    කයිවාරුව විතරයි typical Sri Lankan style
    වැඩක් කරන්න පුලුවන් එවුන්ව එලවල වැඩ බැරි උන් එක්ක සෙට් වුනානන් කරල පෙන්නන්න ඕනේ
    උදේට එලියට බැස්සම ගදේ බෑ කොලඹ කුනු සේරම ගෙනත් දාල පලාතම විනාසයි
    චන්දේ ඉල්ල0 ආපු දාට බලන්න පුලුවන්

  2. Gadol says:

    දත් දොස්තර ගේ දිරච්ච ලණු කන්න එපා…! ”

  3. Saradiel says:

    දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර…..

Main News