රැකියා ඇති කරමින් ආර්ථික ගැටළු විසදන්න රුපියල් කෝටි 5000ක ව්‍යාපෘතියක්..
October 17, 2018 at 8:02 am | lanka C news
රැකියා උත්පාදනය කරමින් ආර්ථික ගැටළු අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය වසරකට කෝටි 5000ක් වෙන් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
2019 වසරේ සිට 2021 වසර දක්වා එළඹෙන වසර තුනක කාල සිමාව ඉලක්ක ගනිමින් එක වසරකට කෝටි 5000ක් වෙන්වන පරිදි වසර තුන සඳහා කෝටි 15000ක ආයෝජනය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා කියා සිටියේ.
ජාතික ආර්ථික සභාව මගින් යෝජිත මෙම විශේෂ ව්‍යාපෘතිය සියලු දිස්ත්‍රික් සහ මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව දිවයිනේ සියලු ග්‍රාම නිලධාරී වසම් නියෝජනය වන පරිදි අවම වශයෙන් ව්‍යාපාර එක්ලක්ෂ හතලිස් දහසක් (1,40,000) ආරම්භ කිරීමට නියමිතයි.
මුලික වශයෙන් රැකියා උත්පාදනය හා ආර්ථික වර්ධනය කේන්ද්‍ර කර ගත් ශක්තිමත් ආර්ථික වැඩසටහනක් ශ්‍රී ලංකාව වැනි රටකට පැවතීම ඉතා වැදගත්. විශේෂයෙන් රටේ පවතින අඩු වර්ධන අනුපාතය, රාජ්‍ය මුල්‍ය සහ ගෙවුම් ශේෂ ගැටළු, ඉහළ රාජ්‍ය ණය, තරුණ ප්‍රජාව තුල පවතින විරැකියාව, ඉහළ යන ජිවන වියදම, සංවර්ධන විෂමතා වැනි සාර්ව ආර්ථික සහ සමාජ අසමතුලිතතාවන්ට පිලියමක් ලෙස මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වියයුතුයි. විශේෂයෙන් ආර්ථික ගැටළු විසදමින් පුරවැසියන්ට ස්ථිරසාර අනාගතයක් උදා කිරීම සඳහා රටක් ලෙස සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම අවශ්‍යයි.
මෙම වැඩසටහන මගින් සේවා නියුක්තිය ඉහල නැංවීම අරමුණු කරගනිමින් පුද්ගලයින්, ව්‍යවසායකයන්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කරනු ලබන ආයෝජන ඉහළ දැමීමට දිරි ගැන්වීමක් සිදු වෙතැයි අපේක්ෂා කරනවා. සේවා උත්පාදනය, නව ආයෝජන, භාණ්ඩ නිෂ්පාදනය ඉහල තලයකට ගෙන ඒම තුලින් දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික පුනර්ජීවනයක් ඇතිකිරීමට ද හැකි වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
– Media Unit
දැන් අර ගම් පෙරලිය ඉවරද ? මෙහෙමත් විහිලුවක්.
කෝටි5000ක් වියදමින් නිස්පාදනය
කරන්නෙ මොනවාද
ඇයි….ඉස්සරවෙලා බිල්ඩින් ටික හදනව ..පාරවල් ටික හදනව ගස්ටික කපකව.. .නිරීක්ෂකයො පාලකයො පත්කරනව….ඔයටික කරනකොට කාලෙ හරි….
එතකොට අර රැකියා දසලක්ෂය හරි නෙහ්. හනේ හොරෝ. මෙච්චරකල් කිව්වෙ නැහැ නේද? අපි රැවෙටෙයි!
Enough is Enough …..Dont stay more….Please gooooooo
2019 වසරේ සිට 2021 වසර දක්වා no need this government…………….its only upto 2019 Nov or Dec …………..
‘යහපාලන’ නඩයට බොරැ කීමෙ සීමාවක් නැහැ. මෙතෙක් සත පහක ආධාරයක් නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ අක්කර 20 ක පොල් ඉඩමක ගම්මිරිස් වගාවක් සහ කොම්පොස්ට් පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කර කර ගෙන යන මගේ තරැණ පුතාට පලාතේ ගොවිජන සේවා කාර්යාලයෙන් සහන නයක් (ලක්ෂ 10ක්) පාස් වෙලා ඇප කරැවන් අත්සන් කරල දැන් මාස තුන හතරක් වෙනවා. මාසෙකට ඉස්සෙල්ලා අදාල නිලධාරින් කිව්වෙ චෙක් එකත් ලිව්වා කියලය්. තරැණයෙක් ගෙ කොම්පොස්ට් ව්යාප්යතියක් දියුනු කොර ගන්න රජයෙන් ආධාර දුන්නා කියල රේඩියෝ එකේ වැඩසටහනකුත් කලා. කොළඹ නිලධාරින් ඇවිල්ලා අපේ ගෙදර ජනතාව දැනුවත් කොරන වැඩ සටහනතුක් කොලා. නිලධාරීන්න් දැන් කියනවා 2018 ට වෙන් කල සල්ලි ඉවරලු එයාලට ලැජ්ජලු වෙච්ච වැඩෙිිට. ගම් පරෙලියත් බොරැවක්. ‘Enterprise Sri Lanka’ HNB එකෙන් ණය ඉල්ලලා වෙච්ච දේ ගැන පසුව ලියන්නම්….
කමෝන් බන්ඩා මල්ලි. ඔන්න ජහපාලුවන්ගෙ රෙදි ගැලවෙනවා.
Mekath Vokswagaon Factoriya wage thamai. Pachorisla. Minissunwa rawattanawa
Mekath kurunegala Volkswagon Factoriya wage. Kuliyapitiya Kurunegala parawal bloc wenawalu Volkswagon vahana nisa.Mun Pachorisla