රැකියා විරහිත උපාධිධාරීන්ට පහර දුන්නේ එජාප රජයයි.. එය අන්තිම වැරදියි..- මහින්ද
February 14, 2019 at 12:40 pm | lanka C news
හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම්වලට
සාධාරණ විසඳුමක් ලබා දිය යුතුය
රටේ ප්‍රශ්න විසඳිමට හැකියාවක් නොමැති මෙම ආණ්ඩුව අද තවත් මර්ධනකාරී මෙහෙයුමක් දියත් කළේය. ඒ රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් රැසක් තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුවට රැස්වු අවස්ථාවේදී ඔවුන්ට පොලිසිය ලවා ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට බලය යොදා පලවා හැරීමයි.
රටේ සාමාන්‍ය ජනතාවට පවා ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති වකවානුවක නිදහස් අධ්‍යාපනය ලබා උගතුන් ලෙස විශ්වවිද්‍යාලවලින් පිටවූ තරුණ තරුණියන් තම උගත්කමින් රටට සේවයක් කිරීමට සහ ජීවත් වීම සඳහා රැකියාවක් ඉල්ලීම සාධාරණය. එසේම, ඔවුන්ට රැකියා ලබා දීම රජයේ පරම යුතුකමකි. මේ සම්බන්ධයෙන් නොපමාව සොයා බලා මෙම ප්රශ්නය විසඳීමට පියවර ගන්නා ලෙස පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අදාල විෂයභාර ඇමතිවරයා වෙත මවිසින් දැන්වීමක් කළද, මේදක්වා කිසිම පියවරක් ගත් බවක් පෙනෙන්ට නැත.
රැකියා ලබා දීම වෙනුවට ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණය කරන අවස්ථාවකදී ඔවුන්ට පහර දීම, අඩම්තේට්ටම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විසින් මෙම තරුණ තරුණියන්ගේ සාමකාමී උද්ඝෝෂණයට ප්‍රතිචාර දැක්වු ආකාරය තරයේ හෙළා දකිමු.
රැකියා විරහිත උපාධිධාරි සංගමයේ වගකිය යුතු නිලධාරින් සමඟ රජය වහාම සාකච්ඡා කොට ඔවුන් වෙත සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා මෙන් රජයට දන්වා සිටීමට කැමැත්තෙමු.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
විපක්ෂ නායක
රෙද්දෙ උපාධිධාරියො… මුන්ට ඕනා ආන්ඩුවෙ කන්තෝරුවකට රිංගගෙන, අයිස් ගගහා, පගා ගගහා ලේසියෙන් හම්බ කරන්නයි.. ඒකයි මුන් රැකියා දියව් කිය කිය අනිත් වැඩකරන ජනතාවගේ වටිනා කාලයත් නාස්තිකරලා දාන්නෙ..
එහෙම නැත්නම්, කඩ්ඩ පොලිෂ් කරන් job market එකට බැස්සනම් රැකියාවක් හොයාගන්න කොහෙත්ම අමාරු නෑ.. හැබැයි මුන් කැමති නෑ එහෙම කට්ට කාලා මහන්සි වෙලා තැනකට එන්න. උන්ට ඕනා පිං job එකක් අරන් අයිස් ගගහා ඉන්නයි..
මේ ඇවිල්ලා campus යන කාලෙ අනිත් උන්ගෙ කාලෙත් විනාශ කර කර පෙලපාලි ගිය හැත්ත.. උන්ට මුකුත් බෑ ඉතිං ආණ්ඩුවෙන් job හිඟන්න ඕනා..
තොපි ලංකාවෙ උපාධිවල ගරුත්වයත් නැති කරනවා.. මහින්දලා දේශපාලන වාසි ගන්න උන්ට බටර් ගානවා..
මොන ආන්ඩුවෙන් කළත් මුන්ට සළකන්න ඕනා මෙහෙම තමා…
This is a cats paw of some greedy politicians those who do not wish to retire due to fear of exposing their corruptions.
එන මැතිවරනයේදී මුන්ට දුවන්න දෙමු රට විනාස කල කාලකන්නි
MAHINDA MATHI THUMANI
POLICE YA BARA MY3
KATA PIYAGENA ENNE
KATEE PITTU DA ?
Wathura illapu evun marakapu eke amathaka wela wage neda?