රැකියා විරහිත 1000කට රැකියා දෙමින් වැලිඔය කර්මාන්ත පුරය ඇමති විමල් විවෘත කරයි..

March 3, 2020 at 2:06 am | lanka C news
රැකියා විරහිත 1000කට රැකියා දෙමින් වැලිඔය කර්මාන්ත පුරය ඇමති විමල් විවෘත කරයි..

උතුරේ යුද්ධය පැවති දුෂ්කර ගම්මානවල තරුණ තරුණියන්ගේ ආර්ථික මට්ටම ඉහල නැංවීම අරමුණු කරගනිමින් රැකියා ගැටළුවට විසඳුමක් ලෙස උතුරේ කර්මාන්ත ශාලා යළි ඇරඹීමට රජය පියවරගෙන තිබේ.

ඒ වැලිඔය නව කර්මාන්ත පුර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් (02) ආරම්භ කෙරිණි.

වැලිඔය ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් 1000කට නව රැකියා අවස්ථා උදාකරමින් මෙම කර්මාන්ත පුරය ආරම්භ කෙරුණ අතර මූලික අධියර යටතේ සංඛේතවත්ව නව පත්වීම් 400ක් ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

මේ සඳහා රුපියල් මිලියන 150ක පුද්ගලික සමාගම් අනුග්‍රහය යටතේ වැය කොට තිබේ.

ඒම අවස්ථාවට මුලතිව් දිස්ත්‍රික් ලේකම්, වැලිඔය සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ද කර්මාන්ත හා සැළසුම් කළමණාකරණ අමාත්‍යාංශ නිළධාරීන් ප්‍රදේශවාසීන්ද විශාල පිරිසක් එක්ව සිටියහ

– සුජීවා සුභාෂිණී

146 views
Main News