රැදවියන් පිරිසක් වැලිකඩ වහලයට නැග විරෝධයේ.. බන්ධනාගාරය උණුසුම්.. ආරක්‍ෂාව තර කරයි..

August 13, 2018 at 9:20 am | lanka C news
රැදවියන් පිරිසක් වැලිකඩ වහලයට නැග විරෝධයේ.. බන්ධනාගාරය උණුසුම්.. ආරක්‍ෂාව තර කරයි..

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මතට නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මෙම විරෝධතාවය ඔවුන් අද උදෑසන සිට ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කාන්තා රැඳවියන් 12-15 දෙනෙකු මෙලෙස විරෝධතාවයේ යෙදී සිටී.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට එරෙහිව පවතින ඉක්මනින් විභාගයට ගන්නා ලෙසයි.

ඒ ආසන්නයේ මේ වන විට ආරක්‍ෂාව තර කර තිබේ.

(පින්තූරය අන්තර්ජාලයෙනි)

278 views
Main News