රැදවියෙකු මිය යයි.. බන්ධනාගාරයේ උණුසුම් තත්වයක්..

November 3, 2020 at 9:48 pm | lanka C news
රැදවියෙකු මිය යයි.. බන්ධනාගාරයේ උණුසුම් තත්වයක්..

මොණරාගල බන්ධනාගාර රැඳවියකු පහරදීමක් හේතුවෙන් මියගොස් තිබේ.

අද පෙරවරුවේ රැඳවියන් රඳවා සිටින කුටි වලින් පිටතට ගැනීම සඳහා ගිය නිලධාරියෙකුට රැඳවියෙකු විසින් පහර දීම හේතුවෙන් එම නිලධාරියා රෝහල් ගත කර ඇත.

තමන් එලියට ගැනීම ප‍්‍රමාද වූයේ යයි එම රැදවියා විසින් පහර දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

පසුව වෙනත් නිලධාරීන් දෙදෙනෙකු විසින් එම පහරදීමේ සිදුවීමට සම්බන්ධ රැුදවියාට පහර දී ඇතැයි ද සදහන්ය.

මේ හේතුවෙන් බන්ධනාගාර තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබුණද මේ වන විට එය පාලනය කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

69,689 views

9 Comments to “රැදවියෙකු මිය යයි.. බන්ධනාගාරයේ උණුසුම් තත්වයක්..”

  1. කුජිත් ආරෝහණ says:

    රැදිවියගේ pcr පොසිටිව් ද ? වහාම වාර්තාවක් කැඳවන්න

  2. lotus says:

    Savage sri lanka

  3. Buddhist says:

    Fifth death of those in custody in the last 2 months. Is this “One Country one Law”?

  4. බයියන්නට සුදර්ශන පැණිය පොවන කෙනා says:

    අපේ රට දවසින් දවස මෙලෙජ්ජ වනචාරී රටක් බවට පත්වෙමින් තිබේ. මෙහම ගියොත් ලෝකයෙන් කොන් වෙලා GSP+ ආයෙත් අහිමි වෙන්න පුළුවන්. 69 ලක්ෂෙ ට සාප වෙන්න ඕන.

    • ගරසරප says:

      ඕකෙන් 62 තමා 2015 දී එයාලට චන්දෙ දුන්නෙ. සාපෙ වැදිල 2025 ගෙදරට වෙලා හිටියොත් ඉතින් සජිත් පුතාට හුප්පෙ තමා. කට පරිස්සම් කරගන්න .

  5. Alapaluwa says:

    මොකටද මුන්ව තවත් රටේ ජනතාවගේ බදුවලින් මේවැනි කලකන්නියින්ව නඩත්තු කරන්නේ? මුන්ව හැකි ඉක්මණට විනාශකර දමන්න එයයි අවශ්‍යයවන්නේ.

  6. මාතර සුනිල් says:

    “සිරකරැවන්ද මනුෂ්‍යයෝය”. වැලිකඩදි 29 දෙනෙක්ම නිවන්යැවිවා. දැන් මොණරාගල හිරගෙදරිනුත් එකෙක් නිවන්යැවිවා. මෙන්න මෙහෙම තමයි වෙන්න ඔනැ. එතකොට මිනිස්සු රිමාන්ඩි වෙන නිසා වැරදිකරන්න බයවෙයි. ඉක්මනින් එලොව යන්න කැමති උන්, හිරගෙදරට පලයවි.

Main News