‘රැම්සා තෙත්බිමේ කඩොලාන සංහාරය’.. ආනවිළුන්දාව සැබෑ කතාව මෙන්න…

August 29, 2020 at 6:21 am | lanka C news
‘රැම්සා තෙත්බිමේ කඩොලාන සංහාරය’.. ආනවිළුන්දාව සැබෑ කතාව මෙන්න…

හෙක්ටයාර් 1397ක් වූ භූමි වපසරියකින් සමන්විත ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් මුතුපන්තිය, කාසන්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ස්භාවික කඩොලාන පද්ධතිය ආශ්‍රිතව මීට පෙර පවත්වාගෙන ගොස් තිබූ ඉස්සන් ගොවිපලක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමත් සමග ස්භාවික පරිසර පද්ධතියට බරපතල හානි සිදුව ඇති බවට පරිසරවේදියෝ චෝදනා කරති.

2001 වසරේ අගෝස්තු 3 වන දින ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් ලෙසට ප්‍රකාශයට පත් කිරීමත් සමග එය අභය භූමියන් ලෙසින්ද නම්කර තිබුණි. පසුව වන ජීවි හා වන සංරක්ෂණ යන ආයතන ද්විත්යේ එකතුවෙන් ආදල අභය භූමිය තුළ 2000 වසරේ හෝ ඊට ආසන්න දිනවලදී අක්‍රමත් ලෙස පවත්වාගෙන ගොස් තිබූ ඉස්සන් ගොවිපලවල් සදහා වෙන්කර තිබූ ඉඩම් කොටස්ද අභය භූමිය යටතේ ගැසට් කිරීමත් සමග එහි කඩොලාන සංරක්ෂිත කලාපයක් බවට පත් කිරීමද ආරම්භ කල තිබූ බව පරිසරවේදියෝ පෙන්වා දෙති.

කෙසේ නමුත් ආදල අභය භූමිය තුළ පිහිටා තිබූ ඉපැරණ ඉස්සන් ගොවිපලවල් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සදහා වන ජීවි, වන සංරක්ෂණ, ජලජීවි වැනි ආයතන ව්‍යුහයේ කිසිදු අනුමැතියකින් තොරව ඉතා සූක්ෂම ලෙස හොර රහසේ සංවිධානාත්මක පිරිසක් විසින් කාර්යක්ෂම ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් රැම්සා තෙත් බිමට අයත් මුතුපන්තිය කාසන්වත්ත සීමාවේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක ඉදිකර තිබූ ඉස්සන් ටැංකියක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමත් සමග එහි තිබූ ස්භාවික කඩොලාන පද්ධතියට හානි සිදුව ඇති බව පරිසරවේදියෝ පෙන්වා දෙති.

කාලයෙන් කාලයට රටේ පවතින දේශපාලන පිල් මාරුවත් සමග ප්‍රබප දේශපාලන හස්තයකගේ බලය පාවිච්චිකරමින් අවස්ථා ගණනාවකදී රැම්සා අභය භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී ඉස්සන් ටැංකි සකස් කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමඟ ඔවුන් අභය භූමියෙන් පිටව ගිය බව පුත්තලම සහකාර වන ජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.

අදාල සංවිධානාත්මක පිරිස මෙම භූමියෙන් ඉවත් වී යාමෙන් අනතුරුව අදාළ පෙදෙසෙහි නැවත කඩොලාන ශාක රෝපණය කිරීමට වන ජීවි නිලධාරින් සමත්ව තිබුණි.

අභය භූමිය තුළට අන වසරෙන් ඇතුළු වූ මේ සංවිධානාත්මක පිරිස විසින් අක්කර දෙකකට ආසන්න භුමියක් කාර්යක්ෂම ඩෝසර් යන්ත්‍ර උපයෝගි කරගනිමින් එහි තිබූ කඩොලාන පද්ධතිය විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි පුත්තලම සහකාර වන ජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසා සිටියේ.

සංචාරක මෙන්ම පර්යටන පක්ෂීන්ගේ තෝතැන්නක්ව ඇති මෙම අභය භූමිය තුළ දැනට රතු දත්ත පොතේ වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති දේශිය කුරුළු විශේෂ රැසක්ගේ ප්‍රධාන වාසභූමිය බවට පත්ව ඇත්තේ මෙම අභය භූමියයි. අලංකාර වැව් පද්ධතිය ආශ්‍රිතව පවතින ජෛව විවිධත්වය ස්භාව දහමට අපූර්වත්වය එක් කරන්නේ විවිධ වූ විසිතුරු මසුන්ගෙන් සේම ජලජ ශාක ආශ්‍රිතව ජලයේ ජීවත් වන්නාවූ කුරුළු විශේෂ හේතුවෙනි.

බටහිර දිසාවට වන්නට පිහිටා ඇති ස්භාවික හැමිල්ටන් ඇළ හා බැදුන ධීවර කර්මාන්තයට මහත් රුකුලක් ලෙස ස්භාවික කඩොලාන සම්පත ලබා දෙන දායකත්වය ඉමහත්ය. ඉස්සන්, කකුළුවන්, මත්ස්‍යයින්ගේ අභිජනන ක්‍රියාවලියට සෘජු දායකත්වයක් මෙම ස්භාවික කඩොලාන සම්පත මගින් සිදුවන ඇති බව කියයි.

මේ සම්බන්ධයෙන් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසර හා නීති නිළධාරි පරිසර භාරයේ අධ්‍යක්ෂක සජීව චාමිකර මහතා පවසා සිටියේ, අභය භූමියක් ලෙස යම් කිසි ප්‍රදේශයක් ගැසට් කිරීමෙන් අනතුරුව ඒ ස්ථානය පුද්ගලික හෝ රජයේ වුවද වනසත්ත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත යටතේ පවතින නීතිමය සාධක සෘජු ලෙස බලපානු ලබනවා.

ඔය රැම්සා තෙත් බිමට අයත් කාසන් වත්ත ප්‍රදේශයත් සම්පූර්ණයෙන් අභය භූමියට අයත් භූමියක් ඒ භූමිය වෙරළ කලාපයට යාබදව පිහිටා තිබෙන්නෙ. එහි කරදිය මිශ්‍ර වීම හේතුවෙන් ස්භාවික කඩොලාන වගාව සිදු කරලා තිබුණා. ඒ අවදියේ මෙහි අක්‍රවත් ලෙස ඉදිකරලා තිබූ ඉස්සන් ගොවිපලවල් අතහැර දැමීමත් සමග ගැසට් එකකින් අභය භූමිය ලෙස නම් කරනු ලැබුවා.

එලෙස ගැසට් එකකින් ප්‍රකාශයට පත් කරපු අභය භූමියක ඇතුළත හෝ මායිමෙන් පිටත කුමන හෝ ඉදිකිරිමක් සංවර්ධනයක් නවීකරණයක් සිදුකරනු ලබන්නේ නම් ජාතික පාරිසරික බලපෑම් ඇගයීම් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතුය.

ඒ අනුව පනත් දෙකක් යටතේ අභය භූමියකට ආරක්ෂාව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ ජාතික පාරිසරික ආඥා පනත ලෙස. ඒ අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ නීති විරෝධි ආකාරයෙන් හෝ අනවසරෙන් ඉදිකිරීම් හෝ සංවර්ධන කටයුතු සිදු කරන්නේ නම් එකි පුද්ගලයා හෝ පිරිස අධිකරණයේ වරෙන්තුවක් රහිතව අත්අඩංගුවට ගැනීමේ බලය තිබේ. ඒ වරද සංඤ්ය වැරදි ලෙස අපි හදුන්වන් ලබනවා.

ජාතික පාරිසරික ආඥා පනතට අනුව අභය භූමිය තුළ මීටර් 100ක සීමාවේ මොනයම් හෝ සංවර්ධන කටයුත්තක නියැලෙන්නේ නම් ජාතික පාරිසරික පනත යටතේ පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා ගත යුතුය. යනුවෙන් හෙතෙම පැවසීය.

– කේ. ප්‍රියංකර කළුපහන

30,355 views

8 Comments to “‘රැම්සා තෙත්බිමේ කඩොලාන සංහාරය’.. ආනවිළුන්දාව සැබෑ කතාව මෙන්න…”

  1. Dp says:

    ඉතා කුඩා ,ගිනිපෙට්ටි වගේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් කිසි සද්දයක් නැතුව කරන මේ වගේ වැඩ කරන උන් හොයන්න පොලිසියට මහා පරීක්ෂනයක් කරන්න වෙන එක අහන්න දෙයක්ද. හොරෙන් පොල් ගෙඩියක් ගන්න කෙනා නම් දවසින් උසාවි දාලත් ඉවරයි.

    • Sam says:

      කුරුණෑගල අයිතිහාසික බුවනෙක මංඩපය විනාශකිරීමේ සිද්ධිය පිටුපස සිටි ප්‍රභල දේශපාලන හස්තය උනේ 8 පාස් මහින්දගේ හෙන්චෙක්. මේ තක්කඩිය කිවාමෙන්ම නගරාධිපතියාගේ මයිලකටවත් අත තැබීමට ඉඩදුන්නේ නෑ .පුත්තලම අභය බූමිය ඩෝසර් කිරීමේ සිද්ධිය පිටුපස සිටින්නෙත් මහින්දගේ ගෝලයෙක් .මුන් මොන ජඩවැඩේ කලත් මුන්ට එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ . අද විධායකය ව්‍යස්තාධායකය නොව ජනාධිපති ටත් ඉහලින් ඉන්නේ ප්‍රභල දේශපාලුවෙක්. ගෝටාභය ප්‍රභාකරන්ගෙන් රට ගලවා ගත්තත් මේ දේශාපාලුවා සහ ඔහුගේ හොර තක්කඩි කල්ලියෙන් රට ගලවා ගැලීම පහසු කාර්යක් නොවේ .

      • 2015 මීහරකා says:

        උම්බෑ…
        අපි කවදාවත් මහින්ද ට විරුද්ධව ප්‍රචාරය කරන එක නවත්වන්නෙ නෑෑෑෑෑෑ.
        මහින්ද නිසා තමයි අපි ඔක්කොගේම පටි රෝල් වුනේ. මිලිබෑන්ඩ්ලගෙ විතරක් නෙවෙයි, විස්කිලාගෙ, අති පිරිසිදු වෙස් දැරූ පොන්ස්ලගෙ, කොටින්ගෙ, සහ විශේෂයෙන්ම සුපිරි අපි කියල හිතන් හිටි පඟර කාලකන්නින්ගෙ රෙදි ගැලවුනා නෙව. ඒක අපි කිසිම දාක අමතක කරන්නෙ නෑ. අපේ බත් බැල හරක් අපි වෙනුවෙන් කහිනව.

      • වයි දිස් කොලවෙරි says:

        පාස්කු බෝම්බ කාරයෝ අයිතිහාසික පල්ලි 5ක් සමතලා කරල මිනිස්සු 300ක් මරල දාපු එක ගැන කෙල බින්දුවක් නොහලපු එකෙක් බුවනෙක රජුගේ නඩු ශාලාව අල්ලල ගහපු ගෙස්ට් හවුස් එක ගැන මැරෙන්න හදනවා. ඔබේ මනුශ්ශත්වය කොහෙද?

  2. පහත් තැනින් යයි ගලා ජලේ! says:

    බැකෝ යන්ත්‍රයේ රැකියාව කල කුලීකරුට දඩුවම්,
    එය කිරීමට අණදුන් සේවා යෝජකයාට නිදහස. අරුම පුදුම දඬුවම් කීරීම්.
    මිනී මරුවාට නිදහස දී නීතිඥයා එල්ලුම්ගස් යවන දඬුවම් නේද මේවා.

    • ගිරවා says:

      සොක්කෝ හිරේ ලොක්කෝ නිදැල්ලේ …එක තමයි මුදලේ බලේ
      මුදල් බලෙන් දේශපාලකයින් නැටවීම

  3. cw says:

    All the culprits must be caught & punished, but I smell a rat, too – Sajeewa Chamikara?

  4. Abc says:

    Heading towards YAHAPALANA -Part 2
    They also started with big sound called BALLPOINT PEN
    No doubt abt this govt also of the trend is like this
    Some appointments badly criticised and many things ahead can see from these jokers if GR fail to advice as appropriate or buipd second line
    Noticed critic by WW but not sufficient if just JCW arrest. Its worst than culprits act

    Another lession of a mayor also proved public how YAHAPALANAYA 2 can be in next 5 yrs

Main News