‘රැස’ පුවත්පත කියවනවට ලේක් හවුස් එක අතින් සල්ලි ගෙවලා.. 2018 ලොකුම විහිළුව

December 9, 2018 at 1:20 pm | lanka C news
‘රැස’ පුවත්පත කියවනවට ලේක් හවුස් එක අතින් සල්ලි ගෙවලා.. 2018 ලොකුම විහිළුව

මේ වසරේ මුල් භාගයේ ලේක්හවුස් ආයතනය විසින් ආරම්භ කළ රැස පුවත්පත මිලදී ගන්නා අලෙවිකරුවන්ට එම පුවත්පත මිලදී ගැනීම වෙනුවෙන් ලේක්හවුස් ආයතනය විසින් රුපියල් 10ක මුදලක් ලබා දෙන බව එම ආයතනයේ ආරංචි මාර්ග පැවසීය.

‘රැස’ පුවත්පතේ මිල රුපියල් දහයක් ලෙස පුවත්පතේ මුද්‍රණ පිටපතේ සඳහන් කර තිබේ. ඒ අනුව එම පුවත්පත මිලදී ගන්නා පාඨකයින්ට රුපියල් දහයක මුදලක් ලේක්හවුස් ආයතනය විසින් ලබා දෙයි.

පුවත්පත් අලෙවි නියෝජිතයින්ට රැස පුවත්පත අලෙවි කිරීමට ලබා දෙන්නේ රුපියල් 06ක මුදලකට වන අතර එය වෙළෙඳපොලේ විකිණීමට ඇත්තේ රුපියල් 10ක මුදලකටය.

කෙසේ වෙතත් අලෙවි ප්‍රචාරණයට යැයි පවසා එක් පුවත්පතක් වෙනුවෙන් රුපියල් 10ක මුදලක් ලේක්හවුස් ආයතනය විසින් එලෙස වියදම් කරනු ලබන අතර එම බොහෝ දෙනකු පවසන්නේ මෙය අතින් මුදල් ගෙවා පුවත් පත බලවන තත්වයක් ලෙසයි.

උදාහරණයක් ලෙස පුවත් පත් ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරියානම් ඒසමග රුපියල් ලක්ෂ 10ක් ඒ සමග වෙළෙන්දන් වෙත යවනු ලබයි.

මේසම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වහාම එම වංචාව පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට ලේක්හවුස් ආයතනයේ ඉහළ පරිපාලනය මේවනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය විසින් ආරම්භ කළ නවතම දිනපතා පුවත්පත වූ‘රැස‘ පුවත්පත 2018 ජනවාරි 11 වනදා එළිදැක්වීය.රැස පුවත්පතෙන් මේ වනවිට පාඩුව රුපියල් මිලියන 59.2කි

මුද්‍රිත මාධ්‍යයට නව ආරක් සනිටුහන් කරමින් යැයි පවසමින් රැස පුවත්පත ආරම්භ කර තිබුණේ එජාපයට පිරිසකට රැකියා ලබා දීමේ අරමුණෙනි. එම පිරිස මංගල සමරවීර විසින් රැස පුවත්පතට යොමුකර තිබූ අතර ඔවුන් තවමත් ලේක්හවුස් ආයතනය විසින් මාසික වැටුප් ලබා ගන්නා සේවකයින් පිරිසක් බව වාර්තා වේ.බොහෝ දෙනෙක් ඉහල වෙටුප් තලවල සිටි. නමුත් ඔවුන් මේවවන විට සිදුකරන්නේ රැස පුවත්පතේ රාජකාරී නොව රජයෙන් පඩි ලබාගනිමින් ඉන් පිටත රජයට එරෙහිව සිදුකරන ප්‍රචාරක වැඩ බව ලේක්හවුස් ආයතනයේ ආරංචි මාර්ග පැවසී ය.

මෙම රැස පුවත්පතේ මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන්නේ විමුක්ති දුෂාන්ත, මධුක තක්ෂල, මංජුල සමරසේකර, අසේල ලියනගේ, තනුෂිකා සෙනෙවිරත්න, නිමාෂා සඳරුවනි, නදී මාණික්කගේ, නිර්මාණී බණ්ඩාරනායක, රේඛාවෝ මැදවත්ත යන පිරිසය. එජාපයේ තවත් පිරිසක් පිටත සිට පුවත්පතේ වැටුප් ලබා ගනිමින් සේවය කර තිබිණි.

තරුණ මාධ්‍ය වේදීන් පිරිසක් සම්පාදනය කරන පුවත් පතක් අතින් මුදල් ගෙවා ඵටකයන්ට කියවීමට සැලසවීම අදාල මාධ්‍ය වේදීන්ගේ වුර්තිය හැකියාව පිළිබද ලොකු ගැටළුවක් පැනනගි.

විශිෂ්ඨ ලේඛකයින්, මාධ්‍යවේදීන් පිරිසක් බිහිකළ පැරණිතම පුවත්පත් ආයතනයක් වූ ලේක් හවුස් ආයතනය තුළ රැඩිකල් මාධ්‍ය කරණයක් ඇති කිරීමට ගිය එම එජාප හිතවතුන් පිරිසට එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ පරිණත මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධයක් මතුව තිබේ.

පුවත්පත් රැසක් මුද්‍රණය කරන ලේක්හවුස් ආයතනයට තවත් පුවත්පතක් අනවශ්‍ය බවත් එනිසා රැස පුවත්පත නවතා දැමිය යුතු බවත් ලේක්හවුස් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිස අවධාරණය කර තිබේ.

– repoter

111 views

6 Comments to “‘රැස’ පුවත්පත කියවනවට ලේක් හවුස් එක අතින් සල්ලි ගෙවලා.. 2018 ලොකුම විහිළුව”

  1. රාජිනී says:

    මේකෙ ඉන්න අනිත් එකා තමා බල්ලෙක්ට ජාතක උනු කසුන් පුස්සවෙල කියන ගස් බල්ලා. මූ හරියට ජජස්ලව විවේචනය කරනවා. මීට රාජිනී

    • Ngo says:

      Please NGO Choo kollo form karanna EPA..
      Eyala over estimate and over confident wenawa

    • Devaka says:

      මංජුල සමරසේකර කියන්නෙ පිස්සු ජෙප්පෙක්. කඩේ යන්නෙ යුඑන්පියට.

      • ගොන්ටා says:

        දේවක කියන්නේ මිත්‍රයන් පාවා දෙන ද්‍රෝහියෙක්

  2. sunil Aththanayaka says:

    sure ekatama ara pandam apathaya kumara siriwardana oka pitipasse athi

  3. බන්ඩා says:

    රැස කියන්නෙ හොඳ ආරම්භයක් – ලේක් හවුස් පත්තර බල්ලො වත් බලන්නේ නැති කාලෙක තරුණ පිරිසක් අලුත් වැඩක් කරන්න හදපු අවස්ථාවක් – මේ නම් දාලා තියන පිරිස වැඩිදෙනෙක් මිලේනියල් පරම්පරාවට අයත් අලුත් විදිහට හිතන්න පුලුවන් කොල්ලො කෙල්ලො – සමාජ මාධ්‍යවල ජනප්‍රිය ලේඛකයන් පවා මේ පුවත්පතට ලිපි පළකරා – හැමදාම පට්ට ගහන සන්තෝසම්වලට දාන බොරු දේශපාලන ගොසිප් නළුනිළියන්ගේ පච වෙනුවට ජනතාවට තොරතුරු ලබා දුන්නා.
    හැබැයි ලේක් හවුස් එකේ අරටු බැහැල ඉන්න බඩ තඩි නාකි ජඩමාධ්‍යවේදීන්ට මොවුන්ව‍ පේන්න බැරිව ඇති. අනික පුවත්පතක් ආරම්භ කළ ගමන් ලාභ එන්නේ නැහැ. මොනව වුනත් පත්තරය නවත්වනවා නම් එය අපරාදයක්

Main News