රැම්සා රක්‍ෂිතය වැනසීම ගැන ව්‍යාපාරිකයා කූඩුවේ සිට වමාරයි.. ප‍්‍රබල දේශපාලන සොහොයුරා මාට්ටුයි.. අල්ලන්න පොලිසියෙන් යද්දී පලා යයි..

August 30, 2020 at 10:02 pm | lanka C news
රැම්සා රක්‍ෂිතය වැනසීම ගැන ව්‍යාපාරිකයා කූඩුවේ සිට වමාරයි.. ප‍්‍රබල දේශපාලන සොහොයුරා මාට්ටුයි.. අල්ලන්න පොලිසියෙන් යද්දී පලා යයි..

පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය ඩෝසර කිරීමට නුබල දුන්නේයැයි චෝදනා එල්ල වී ඇති ප්‍රබල දේශපාලඥයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.

නමුත් මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇතැයි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

කෙසේ නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශ ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ විමර්ශන අරඹා ඇති බවත් මෙම සැකකරු ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කරයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ව්‍යාපාරිකයා විසින් පොලීසියට පවසා ඇත්තේ මෙම සිද්ධියට අනුබල ආධාර දුන්නේ දිස්ත‍්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරා බවයි.

78,735 views

15 Comments to “රැම්සා රක්‍ෂිතය වැනසීම ගැන ව්‍යාපාරිකයා කූඩුවේ සිට වමාරයි.. ප‍්‍රබල දේශපාලන සොහොයුරා මාට්ටුයි.. අල්ලන්න පොලිසියෙන් යද්දී පලා යයි..”

  1. මෝ says:

    මයිලකටවත් හානියක් වෙන්නෙ නෑ.ඕක ඉන්නෙ සහෝදරයගෙ ගෙදර වෙන්ඩැ.පොලිසිය හොයන්ව ඇති පුදුමාතලන් පැත්තෙ.අන්තිමට ඕකා නඩුගාස්තුත් ජනතාවගෙ බදු වලින් අයකරගෙන නිදහස් වෙනව.රටේ සේරටම සමාන නීතිය.ඉන්න හිතෙන රටක් පුතා මේක.

Main News