රිකිල්ලගස්කඩ රෝහල වසා දමයි..

October 24, 2020 at 10:40 am | lanka C news
රිකිල්ලගස්කඩ රෝහල වසා දමයි..

ඊයේ පස්වරුවේ සිට රිකිල්ලගස්කඩ මූලික රෝහල තාවකාලිකව වසා දමා ඇත.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා සඳහන් කරන්නේ මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ආසන්නතම රෝහලට මාරු කර යවා තිබේ.

ආසාදිත වෛද්‍යවරයා කැලණියේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පසුගියදා තම නිවසට පැමිණ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට ගොස් ඇත.

ඒ හේතුවෙන් ඔහු සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයකු වී තිබේ.

එම රෝහලට රෝගීන් බාර ගැනීමද නතර කර දමා ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය රෝහල තුළම නිරෝධායනයට යොමුකර ඇත.

21,481 views

2 Comments to “රිකිල්ලගස්කඩ රෝහල වසා දමයි..”

  1. ක්‍රිමිනල් says:

    අරලිය මැදුර බෙහෙත් ශාලාවට ගොහින් දොස්තර සජී තුමාගෙන් බෙහෙත් ගත්තනම් ඔහොම වෙන්නේ නැහැ.කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. රටට මෙච්චර කෙල වෙලත් consultant uඋත්තමයෝ channeling කර කර තමන්ගේ රෝහල් වාට්ටු පුරෝනවා නොවැ.රෝහල විතරක් නොවේ PP කරගන්න ආව ලෙඩ්ඩුත් කවුදැයි කියලා අදුනා ගෙන නිරෝදායනය කරන්න වේවි, මයේහිතේ. නැතිනම් රිකිල්ලගස්කඩ අහස මන්දාරම් නුවර අහස බවට පත්වේවි වැඩි දොහක් යන්න මත්තෙන්!අනේ කීර්තිපුර බංඩාර දෙවියනේ!

Main News