රිච්මන්ඩ් විදුහල්පති නාලන්ද විදුහල්පති කිරිම ගැන මත ගැටුමක්..

July 28, 2021 at 11:20 am | lanka C news
රිච්මන්ඩ් විදුහල්පති නාලන්ද විදුහල්පති කිරිම ගැන මත ගැටුමක්..

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විදුහල්පති තිලක් වස්තුහේවා කොළඹ නාලන්ද විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

නාලන්ද විදුහලට විදුහල්පතිවරයකු පත්කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ දී තිලක් වස්තුහේවා ලකුණු ලබා ඇත්තේ දෙවැනි තැනට ය. වැඩිම ලකුණු ලැබූ විදුහල්පතිවරයා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට සුදුසුකම් ලැබීම නිසා ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරකට පත්ව සිටියි. මේ නිසා දෙවැනි ස්ථානයට ලකුණු ලැබූ තිලක් වස්තුහේවා නාලන්ද විදුහලට පත් කළ බවත් ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවැසීය.

මෙම පත් කිරීම නීති විරෝධී බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට පැවැසීය. සම්මුඛ පරීක්ෂණයේ දී දෙවැනි ස්ථානයට ලකුණු ලබන තැනැත්තා අදාළ විදුහලට පත් කරන්නේ නම් ඒ බව පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් විය යුතු බවත් එවැනි නිර්දේශයක් එම ගැසට් නිවේදනයේ සඳහන්ව නොමැති බවත් ඔහු කීවේය. මෙම නීති විරෝධී කටයුත්තට එරෙහිව නඩුවක් ගොනු කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

– aruna

32,865 views

5 Comments to “රිච්මන්ඩ් විදුහල්පති නාලන්ද විදුහල්පති කිරිම ගැන මත ගැටුමක්..”

  1. Soma says:

    යකෝ ස්ටාලින් නේ අපේ රටේ අධ්‍යාපන ඇමති ? එයාගෙන් අහන්නේ නැතිව මොකවත් බැහැ ?

  2. සමන්ත says:

    මේ කාලකණ්නින්ට ඕන්නැති දෙයක් නෑ. යකෝ, පළවෙනියට උසස් වීමක් ලැබිලා ගිහින් නම් මොන මගුලටද ආයෙමත් ඉන්ටර්වීව් තියන්නෙ? දෙවෙනියට දෙන්න පුළුවන් නෙ. රජයේ මුදල් නාස්ති කර ගෙන ආයෙමත් ඉන්ටර්වීව් තියන්නෙ මොකටද?

  3. Kaduwela Siva says:

    මේ රටේ ජනගහනයෙන් 97%ක් ප්‍රතික්ෂේප කල පක්ෂයකට අයිති වෘතිය සමිතියක් කියන විදියටද රටේ තිරන ගතයුත්තේ. සම්මිඛ පරික්ෂ්ණයේ 1 වැනියා එන්නෙ නැත්නම 2වැනියා ගැණිම නිති විරෝධි වෙන්නෙ කොහොමද. මොන ආන්ඩුවකට වත් මුන්ගෙන් බේරිලා වැඩ කරන්න බැහැ. JVP is a cancer to the Sri Lanka.

  4. Patriot Lankan says:

    These ltte diaspora members are trying to destroy our education also??
    Chase these guys out, or they will create more problems??

  5. Nihal Baragamaarachchi says:

    තිලක් වස්තූහේවා යනු අපේ රටේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ මහගූ සමිපතකි.දෙකයි පනහේ ස්ටාර්ලින් පගර නැට්ටා නටන මේ නාඩගම දිසාපාමොක් වරුනි තේරුම් ගන්න.

Main News