රිය අනතුරකින් අයෙකු මියයයි.. අයෙකුට බරපතලයි…
May 30, 2018 at 5:30 pm | lanka C news
කිලිනොච්චිය ඒ-35 මාර්ගයේ චුන්ඩිකුලම් මන්සන්ධියේදී සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල සිදු වූ බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
ඒ-35 මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථයක් සහ ත්රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටී ඇති අතර පසුපසින් පැමිණි බොලෙරෝ වර්ගයේ කැබ්රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ටිපර් රථයේ පිටුපස වැදීමෙන මෙ අනතුර සිදුව ඇති අති බවට අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් අනතුරින් ත්රී රෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර කැබ් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුර පරික්ෂන සිදු කරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ