රිමාන්ඩ් කල පොහොට්ටු මන්ත‍්‍රී මාංචු පිටින්ම පැන යයි..

August 18, 2018 at 6:49 pm | lanka C news
රිමාන්ඩ් කල පොහොට්ටු මන්ත‍්‍රී මාංචු පිටින්ම පැන යයි..

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලව්ව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු මාංචු පිටින්ම පැන ගොස් ඇත.

අධිවේගී මාර්ගයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව මෙම මන්ත්‍රීවරයා රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත.

මාංචු පිටින්ම ඔහු පැන ගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහලේ සිටියදීය.

167 views