රියදුරුට කොරෝනා.. නගරාධිපති නිරෝධායනයට..

October 28, 2020 at 12:40 pm | lanka C news
රියදුරුට කොරෝනා.. නගරාධිපති නිරෝධායනයට..

පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරා ලෙස කටයුතු කරන පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් නගරාධිපතිවරයා ඇතුළු නගර සභාවේ සේවක සේවිකාවන් 300ක් පමණ දෙනාට කොරෝනා පරීක්ෂණ සිදුකරන බවයි.

එමෙන්ම ඔවුන් අවශ්‍ය කණ්ඩායම් නිරෝධායනයට ලක් කරන බව ද පැවසීය.

ආසාදිත රියදුරා සෑම දිනකම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට කුලී ගමනක් යාම හේතුවෙනි කොරෝනා පරීක්ෂණයකට ලක් කර තිබිණි.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට වෛරස ආසාදනය වී ඇති බවයි.

22,727 views

2 Comments to “රියදුරුට කොරෝනා.. නගරාධිපති නිරෝධායනයට..”

  1. puncha says:

    Aththen aththata panina kurulla themi nasi.

  2. RED BULL says:

    ජවිපෙ හිටපු ලොක්කෙක්.ජවිපෙන් ගව මුත්‍ර ඉල්ලා පානය කරන්නට නිර්දේශ කරමු.

Main News