බස් රථය ගසක හැපේ… තිදෙනෙකුට තුවාල…
July 17, 2018 at 2:06 am | lanka C news
කොළඹ සිට මුලතිව් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුලතිව් මුල්ලියාවලෙයි ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් මගීහු තිදෙනෙකු තුවාල ලබා ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය කියා සිටියේය.
කොළඹ සිට මුලතිව් දක්වා ගමන් කොට ඇති අදාල පෞද්ගලික බස් රථය මුල්ලියාවලේ මන්ස්න්ධියේදී රියදුරට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කළ මුල්ලියාවලෙයි පොලීසිය අනාවරනය කොට ඇත.
අනතුර සිදු වන අවස්ථාවේදී බස් රථය තුල මගීහු 30 කට අධික පිරිසක් සිට ඇති අතර තුවාල ලැබූ මගීන් තිදෙනා මුලතිව් රෝහලට ඇතුලත් කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් මුල්ලියාවලේයි පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ