රියදුරු බලපත‍්‍ර මුද‍්‍රණය යුද හමුදාවට…

November 14, 2020 at 4:40 pm | lanka C news
රියදුරු බලපත‍්‍ර මුද‍්‍රණය යුද හමුදාවට…

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුත්ත යුද හමුදාවට භාර දීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ ඒ හරහා රජයට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවයි.

මේ වන විට රියදුරු බලපත්‍ර මුද්‍රණය පෞද්ගලික සමාගමක් විසින් සිදුකරන අතර ඒ සඳහා රුපියල් 1200 ක මුදලක් අය කරනු ලබයි.

ඉන් රජයට හිමි වන්නේ ඉන් රුපියල් 300 ක පමණ මුදලක් වන අතර ඉදිරියේදී එම සහනය ජනතාවට ලබා දීමට හැකියාව ඇත්දැයි සොයා බලන බව ඔහු පැවසීය.

යුද හමුදාව මේ වන විටත් එම සමාගමත් සමග පුහුණුවීම් කටයුතු සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

33,944 views

12 Comments to “රියදුරු බලපත‍්‍ර මුද‍්‍රණය යුද හමුදාවට…”

  1. ප්‍රයිවෙට් ජොනී says:

    වැඩේ හරියට කරන්න නම් ඕක තමයි වෙන්න ඕනේ.

  2. dan says:

    දුම් සහතිකයත් අවලන්ගු කරන්න. ඒකත් සල්ලි කඩා ගන්න බොරුවක්

  3. rohan says:

    මුද්‍රණය කලාට විතරක් මදි…ඔය දත්ත ලංකාව ඇතුලෙම තියගන්න…ඔය සියලු ජීව දත්ත පාලනය රජයේ ආයතනයක් මගින් පාලනය කරන්න..දැනට ඔය දත්ත තියෙන්නේ පිටරට ආයතන සතුව..ඒවා ආපසු ආන්ඩුවට ගන්නත් අපහසුයි ඇතිකරගත් ගිවිසුම් නිසා….ආගමන විගමන ,රෝහල් වල මෙකී නොකී සියලු ජීව දත්තවල තත්ත්වයත් ඕකමයි…විදේශ මෘදුකාංග භාවිතය නිසා මේ දත්ත විදේශ ආයතන සතුව තිබීම රටට විශාල අවදානමක්.

    • ප්‍රියදේශ says:

      කවුද මේවා පිටට දුන්නේ, පසුගිය රජය කියයි, නැහැ. නිය‌ෝජිතා නේද? තනිකරම හොර වැඩ කලේ රට ටුවර්, සල්ලි පුච්චමින් ලොකු ලොකු තැන් වල ආතල් ගැනීම, රාජ්‍ය සේවය දියුණු කරනවා කියමින් ප්‍රතිපත්තියක් නැතිව පුහුණුව සහ නැති භංග කිරීම. අයිටී දන්න අය ඉන්නව නම් නැති කරලා දැමීම. රජයේ හෝ පුද්ගලික සමාගම් වලට රටේ තොරතුරු තාක්ෂණ සම්බන්ධ ක්‍රියාකාරකම් වලට පැමිණීමට ඉඩ ඇහිරීම මගින් තමන්ගේ සොත්ත සමාගම් හා වරප්‍රසාද ලබන රට පිට වල් ප්‍රවර්ධනය. කැතයි නේද? නිය‌ෝජිතායතනයේ හිටපු ඉන්න එන්න ඉන්න අය ගැන විමර්ශණයක් කර අසාර්ථක ප්‍රොජෙක්ට්ස් සහ මුදල් ගැන විගණනයක් කරමුද?

      ජනපතිතුමනි මැදිහත් වන්න කවදාවත් රටට ගොඩ එන්න බැහැ මෙහෙම. අලුත්ම සෙල්ලම සියලු ඊමෙල් වල සල්ලිත් රටින් පිටට යවන්න අර ගු සමාගමට කඩේ යෑම නේද? ඩිජිටල් කියලා රටේ සල්ලි පිටට යවන වැඩ නවත්වන්න කැමැතියි. කථා කලොත් කැපෙන නිසා බේරගන්න කෙනෙක් ඉන්නවා නම්

      • නිමල් සේදර says:

        ඩිජිටල් මාෆියාව බලවත්, අද නිකං වාගේ පෙන්වන දෙයින් සල්ලි රටින් ඇදලා ගන්න සැලසුම් ධනවත් රටවල් කරන එක වැඩපිලිවෙලක්, මොකද මේ ඩිජිටල් වැඩ කියන්නේ තෙල් වාගේ. දැනටමත් එක්තරා විදේශ සමාගමක් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල විද්‍යුත් තැපෑල තමනිගේ සමාගමේ ග්‍රහණයට නතු කරගනිමින් සිටිනවා. දැන හෝ නොදැන අපේ ලංකාවේ ගොන් හරක් ටිකක් අත උස්සනවා. නියෝජිතා ඉතින් ඒ පැත්තෙම තමා. මොකද ඒ ආයතනයේ ඉන්නේ පොලවේ පය ගහපු අය නොවෙයි. තොරතුරු තාක්ෂණය ලංකාවේ දියුණු කලොත් ලංකාවට සල්ලි එන විදිහ කෙසේ වෙතත් ලංකාවේ සල්ලි බිලියන ගනන් පිට යවන එක නවත්වන්න පුළුවන්, රජයේ අවංක නිලධාරීන් සෙට් එකක් සහිත ආයතනයක් හැදුවානම් හරි (අවංක අය හොයාගමු)

  4. නයනානන්ද ප්‍රියදේශ says:

    නියමයි, නියමයි, අර නියෝජිතායතනය සමාගම් වලට සහ රට පිටට බිස්නස් හැදුවා මිසක් නේද ලු? තොරතුරු තාක්ෂණය නමින් ගසා කෑම බුද්ධි අංශ දාලාවත් හොයන්න පුළුනන්ද?

    • ජනනි කුලසේකර says:

      ලංකාවේ අය ඇන්දවීම පහසුයි විශේෂයෙන් වෙබ් සයිට් එකක් පෙන්නුව ගමන් හිතනවා හරි කියලා, ඩොලර් 5 ට 10 තියන වෙබ් ටෙම්ප්ලේට් අරගෙන සූරයෝ වාගේ රටට පෙන්වනවා. අයිටී නිකං පසුගිය කාලේ වාලච්චේන වාගේ. ඇන්දිලා හිටියේ කරන්න බැහැ කියලා. ඒත් ඇමැති අතේ තමයි බලය තියෙන්නේ. කෝ මොලය

  5. ක්‍රිමිනල් says:

    😂😂😂😂😂😂😂 !

  6. Kumara says:

    ‍යුධ හමුදාව විනයක් ඇතිවසිටින්නේ ඔවුන් දෙශපාන නායකත්වට/ පරිපාලන්‍යට යත් නිසාය…ආයුධ අතැතිව ඔවුන් පරිපාලනයට / නිස්පාදන ක්‍රියාවලියට ගැනීම හොද වැඩක් නොවේ…මියන්මාරය/ පාකිස්තානයට වෙලාතිබුනේ අන්න ඒකයි…

  7. Buddhist says:

    Chinese style military rule.

    • Nishantha says:

      Chinese style? Yeah look where they are now? Soon they will become the richest country in the world. There’s nothing wrong with Chinese system. we’ve been brainwashed by western media to think Chinese system is bad but the reality is that Chinese living much better lives than the people of the west.

  8. On The Spot says:

    රුපියල් එක්දහස් දෙසීයට දෙන එක රුපියල් තුන්සීයක් පමණ සහන මිලකට දෙන්න හැදුවත් ඒකටත් විරුද්ධව කොටන කොටළුවො ඉන්න රටක් මේක​.මුන්ට කොළපාට කණ්ණාඩියක් දැම්මොත් තණකොළ කියා රැව​ටී පිදුරුත් කයි

Main News