රිය අනතුරක්.. අයෙකු එතැනම මිය යයි.. තිදෙනෙකු රෝහලේ…

April 1, 2019 at 5:30 pm | lanka C news
රිය අනතුරක්.. අයෙකු එතැනම මිය යයි.. තිදෙනෙකු රෝහලේ…

යාපනය පූතූර් මීසාලෙයි මාර්ගයේදී ටිපර් රථයක් හා කුඩා ට්‍රැක්ටරයක් අනතුරට ලක් වීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

පූතූර් මීසාලෙයි ප්‍රධාන මාර්ගයේ කුඩා ට්‍රැක්ටරයක් පොල්අතු තොගයක් පටවා ධාවනය කරමින් සිටියදී පිටුපසින් පැමිණි ටිපර් රථය ගැටීමෙන් ටිපර් රථයත් ට්‍රැක්ටරයත් පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරනය වී ඇති අතර එහදී ට්‍රැක්ටරයේ ගමන් ගත් අයෙකු මිය ගොස් ඇති බවටද පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි රජීවන් නැමත්තෙකු වන අතර සිද්දය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18 views
Main News