රිය අනතුරක්.. දෙදරු පියා මරණයට පත් කර වාහනය පලා යයි..

July 9, 2019 at 8:02 am | lanka C news
රිය අනතුරක්.. දෙදරු පියා මරණයට පත් කර වාහනය පලා යයි..

ඊයේ (8) රාත්‍රි 9.30ට පමණ සිදුවු රිය අණතුරකින් දඹල්ල කණ්ඩලම හන්දියේ පදිංචි පුද්ගලයකු මරණයට පත්ව ඇත.

මෙම මරණයට හේතුවු රිය පලා ගොස් ඇති ඇතර එම රිය සොයා පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

රාත්‍රි 9.30‍ට ආසන්න වෙලාවක A9 මාර්ගයේ නිශ්ශංක හංදියේදි යතුරු පැදියක ගමන් කල පුද්ගලයෙකු වෙනත් රථයකින් හප්පා පලාගොස් ඇති අතර එසේ පලා ගිය රථයැයි සැක රථයක් අසල් වාසින් විසින් අල්ලා ගැනීමට උත්සහ කලද නොහැකි වි ඇත.

යතුරු පැදි කරු මග වැටි සිටින බව දුටු තරුණයින් විසින් තුවාල කරුව දඹුල්ල රොහලට ඇතුලත් කර ඇති අතර එහිදි තුවලා ලැබු පුද්ගලයා මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කල පුද්ගලයකු වන 45 හැවිරිදි දෙදරු පියෙකි.

– මහින්ද උදයසිරි

20 views

One Comment to “රිය අනතුරක්.. දෙදරු පියා මරණයට පත් කර වාහනය පලා යයි..”

  1. kirimaldeniya says:

    මොන මගුලකටද යකෝ වෙන ඇක්සිඩන්ට් වල ෆොටෝ දාන්නේ..

Main News