රිය අනතුරක්.. ළමුන් 05 ඇතුලු 07කට තුවාලයි..

May 31, 2019 at 5:30 pm | lanka C news
රිය අනතුරක්.. ළමුන් 05 ඇතුලු 07කට තුවාලයි..

මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, මුත්තියාන්කට්ටු ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ළමුන් පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.

මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයේ උපකාර පංතියක් නිමාවි දරුවන් රැගෙන ගිය ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී‍මෙන් අදාළ පිරිස  තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දරුවන් සිව් දෙනෙකු හා යතුරුපැදියේ ගමන්ගත් දරුවෙකු ඇතුළු දරුවන් පස් දෙනෙකුද අනතුරින් තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය.

එහිදී යතුරු පැදියේ ගමන්ගත් දරුවාගේ තත්වය බරපතල වන අතර අනෙක් පිරිස සුළු තුවාල ලබා ඇති බවට තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

අනතුරට හේතුව මෙතෙක හෙලි වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

180 views
Main News