රිය අනතුරකින් අයෙකු එතැනම මියයයි.. තවත් අයෙකුට බරපතලයි..

May 27, 2019 at 5:30 pm | lanka C news
රිය අනතුරකින් අයෙකු එතැනම මියයයි.. තවත් අයෙකුට බරපතලයි..

වව්නියාව නෙඩුන්කේනි ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබූ බවට නෙඩුන්කේනි පොලීසිය පවසයි.

පුලියන්කුලම් හා මුලතිව් ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් ධාවනය කොට ඇති අතර අතරු මාර්ගයක සිට ත්‍රී රෝද රථය ප්‍රධාන මාර්ගයට දැමීමේදී ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රී රෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට හෙලී වී ඇත.

අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ ගමන් ගත තවත් අයෙකු බරපතල තුවාල ලබා නෙඩුන්කේනි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇත.

අනතුර හේතුවෙන් කුඩා ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්දිය සමබන්ධයෙන් නෙඩුන්කේනි පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,315 Viewers

2 Comments to “රිය අනතුරකින් අයෙකු එතැනම මියයයි.. තවත් අයෙකුට බරපතලයි..”

  1. sathya says:

    Everyone has to be careful when driving.

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News