රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි… සැප රිය කුඩුපට්ටම්..

July 11, 2019 at 12:40 pm | lanka C news
රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි… සැප රිය කුඩුපට්ටම්..

මුලතිව් මාන්කුලම සිට තුනුක්කායි දක්වා මාර්ගයේ ඊයේ (10)  රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මාන්කුලම පොලීසිය පවසයි.

මාන්කුලම් තුනුක්කායි මාර්ගයේ වඩකාඩු ප්‍රදේශයේදී අධික වේගයකින් ධාවනය කොට ඇති කැබ් රථයක් මාර්ගයේ තිබූ වළක වැටී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග‍ය ආසන්නයේ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

මාන්කුලම සිට පාලිනගර් දක්වා ගමන්ගත් කැබ් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් මුලතිව් පාලිනගර් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ගුනාලන් ඩිෂාන්තන් නමැති තරුණයෙක් හා ජීවකුමාර් ජිනුෂන් නමැති තරුණයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් පසුව තරුණයෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් තරුණයා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පැවසීය.

මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් සකස් කළ වළක වැටීමෙන් වාහනය පාලනයෙන් මීදි ගොස් අනතුර සිදුව ඇති බවට සැක පළ කරන අතර අනතුර සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32,720 Viewers

2 Comments to “රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි… සැප රිය කුඩුපට්ටම්..”

  1. Priyadarshana says:

    මාර්ග සංවර්ධන අධිකාරිය මේ ජීවිත වලට වග කියන්න ඕනේ

  2. sunimal says:

    නිවන් සැප ලැබේවා

Main News