රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි..

December 15, 2019 at 5:30 pm | lanka C news
රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි..

කිලිනොච්චිය පලෙයි කරන්දාය ප්‍රදේශයේදී යාපනය මහනුවර ප්‍රධාන මාර්ගයේ බස් රථයක් හා යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් ‍දෙදෙනෙකු මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

කොළඹ සිට යාපනය දෙසට ගමන්ගත් පෞද්ගලික බස් රථයක යතුරුපැදිය ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනාම මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.

බස් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පලෙයි පොලීසිය සැක පල කරන අතර බස් රථයේ රියදුරු පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් මිය ගිය දෙදෙනාගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇති බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

163 views

3 Comments to “රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි..”

  1. Samson says:

    නිවිතිගල පොලිස් වසමෙ පාසල් දරුවෙක් ව කුසල් නැමැති හිමිනමක් සුපෝකබෝගී රථයක් ධාවනය කර හප්පා එම ලමයා ජිවිතක්දයට පත් විය.

    දකුනෙ සින්හල දරුවෙකුගෙ අකල් මරණය මෙතෙක් වර්ථානොවීම ගැන කණගාටු අටු වෙමී. තවද එම හිමිනමව තවමත් අත්තඩංගුවට ගෙන නැත. හෙතුව? …..

  2. Samson says:

    නිවිතිගල පොලිස් වසමෙ පාසල් දරුවෙක් ව කුසල් නැමැති හිමිනමක් සුපෝකබෝගී රථයක් ධාවනය කර හප්පා එම ලමයා ජිවිතක්දයට පත් විය.

    දකුනෙ සින්හල දරුවෙකුගෙ අකල් මරණය මෙතෙක් වර්ථානොවීම ගැන කණගාටු වෙමී. තවද එම හිමිනමව තවමත් අත්තඩංගුවට ගෙන නැත. හෙතුව? …..

  3. 'සෙත්ත පොච්චි' says:

    එදා…( සංවරශීලීව නීතිගරුකව වාහනය පැදෙව්වා )

    වාහනය උදෙන්ම හෝදලා පටන්ගන්නේ හඳුන්කූරක් පත්තුකරල වාහනය වටේ තුන්සැරයක් ගෙනියලා රියදුරු අසුනේ ඉඳගෙන සුක්කානම තුන් සැරයක්ම වැඳලයි. ගරුව රියදුරු අසුන ඉදිරිපිට දේව පින්තූරය හා බුද්ධ පින්තූරය හෝ ජේසුතුමා පින්තූරය ගහගෙන ඉතා බක්තියෙන් ගමන ආරම්බ කරනවා.

    අද…( වාහනේ ගත්ණය පොළිය ගෙවන හැටි මතක් කර කර පදවනවා )

    පටන් ගන්නේ කන පැලෙන්න රෙගා මියුසික් දාලා… යූ ටියුබ් බල බල නැත්නම් මොබයිල් ටෝක් දා ගෙන… මගදි කොත්තුවක් කන්න මළ පෙරේතයො වගේ බලාගෙන ඉන්නවා..! දේව රූප නෑ.. නයිට් ක්ලබ් එකක යාලුවෙච්ච නාටිකාංගනාවකගෙ පින්තූරයක් ගහගෙන ඉන්නවා දෙයියෝ කියලා…
    මගදි නවත්තල කුදුවෙන්න අරක්කු බීලා කොත්තුවක් කනවා.. ඊට පස්සේ ‘වේගය මරු කැඳවයි කියන සිංගිලිෂ් රෙගා සින්ඳුවක් දාගෙන හැටට හැටේ නරුමෙට එලවනවා තමන්ම තමන්ගෙ මාරයව එලවනවා වගේ… යන්නේ තත්පරයෙන් 1/10 එකයි…
    මාරය අතවනල හිනාවෙලා යනවා…! ‘සෙත්ත පොච්චි’