රිය අනතුරකින් දෙදෙනෙකු මරුට.. තවත් දෙදෙනෙකුට බරපතලයි..

January 3, 2018 at 8:02 am | lanka C news
රිය අනතුරකින් දෙදෙනෙකු මරුට.. තවත් දෙදෙනෙකුට බරපතලයි..

යාපනය නීර්වේලි මාර්ගයේදී ඊයේ (02) සවස ත්‍රී රෝද රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමේන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල ලැබූ බවට යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.

යාපනයේ සිට පේදුරුතුඩුව දෙසට ගමන්ගත් වෑන් රථය හා පේදුරුතුඩුව සිට යාපනය දෙසට ගමන්ගත් ත්‍රී රෝද රථයක් අධික වේගයෙන් පැමිණ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මුහුණට මුහුණ ගැටී මෙම අණතුර සිදුව ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

මෙම අනතුරෙන් ත්‍රී රෝද රථයේ පැමිණි රියදුරු හා එහි පැමිණ 6හැවිරිදි කුඩා දරුවෙකු එම් ස්ථානයේදීම මිය ගොස් ඇත.

මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි සිංහරාජවේලු බාස්කරන් හා 6 හැවිරිදි රාජ්කුමාර් ඩෙනිස්රා වන අතර ඔවුන්ගේ මළ සිරුරු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇත.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු මේ වන විටි අත්අඩංගුවට ගෙන ඇති බවට වැඩි දුර පරික්ෂණ සිදු කේපායි පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18 views
Main News