රිය අනතුරකින් පාසල් සිසුවෙකු මිය යයි…

September 14, 2020 at 5:30 pm | lanka C news
රිය අනතුරකින් පාසල් සිසුවෙකු මිය යයි…

වව්නියාව නොච්චිකුලම් ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදියක් පාපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙකු මිය ගොස් ඇති බවට ඊච්චන්කුලම් පොලීසිය පවසයි.

පුම්බුහාර් ප්‍රදේශයේ සිට ඊච්චන්කුලම් දෙසට පාසල් සිසුවා පාපැදියකින් ගමන් කරමින් සිටියදී අධික වේගයකින් ධාවනය වූ යතුරුපරදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අනතුර හේතුවෙන් වව්නියාව පුදුකුලම් මහවිද්‍යාලයේ 9 වන වසරේ ඉගෙනුම ලැබූ ඊ.පුවිදන් නැමති සිසුවා රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර අනතුර සිදු කල යතුරුපැදියේ සිටි එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගිය අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන ඊච්චන්කුලම් පොලීසිය වැඩි ුදරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,066 views

One Comment to “රිය අනතුරකින් පාසල් සිසුවෙකු මිය යයි…”

  1. පැද්දේ 'මධු සංකෙට' ගහලද..? says:

    පා පැදියට රෝද කීයද බං..?
    මෙතන තියෙන්නේ රෝද හතරේ එකක්නේ බං…!