රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි..

December 18, 2017 at 8:02 am | lanka C news
රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි..

යාපනය නුවර ප‍්‍රධාන මාර්ගයේ වව්නියාව ඉරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේදී ඊයේ (17) සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිසිය පැවසුවේය.

පොලිසිය පැවසූවේ වව්නියාව,මහමයිලන්කුලම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක දෙදරු පියෙකු වන නිශාන්ත ජයවිලාල් නමැති පුද්ගලයෙකු අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වවුනියාව දකණ සිංහල ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුද  වෙයි.

කොළඹ සිට යාපනය බලා ධාවනය වු යාපනය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට අයත් වෑන් රථයක අදාළ පුද්ගලයා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය පැවසීය.

ජිවිතක්ෂයට පත්වු පුද්ගලයා යාපනය නුවර ප‍්‍රධාන මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවක වෑන් රථයේ ගැටී ඇති අතර, අනතුරින් තුවාල ලැබු තැනැත්තා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය ස`දහන් කළේය.

අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර,සැකකරු වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

12 views
Main News