රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මිය යයි.. තවත් නිලධාරීන් තිදෙනෙක් බරපතලයි..

September 11, 2019 at 5:30 pm | lanka C news
රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මිය යයි.. තවත් නිලධාරීන් තිදෙනෙක් බරපතලයි..

මාවනැල්ල පොලිස් ස්ථානයේ රාත‍්‍රී ජංගම සංචාරය සඳහා යොදවා තිබු කැබ් රථය අනතුරකට ලක් වි කොස්තාපල්වරයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා මාවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇති බව අද 11 මාවනැල්ල පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දෙදරු පියෙක් වන අංක 77, කඩවත්තගම, කඩුගන්නාව යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන පොලිස් කොස්තාපල් 42395 පියුම් කුමාර යන අයයි.

මෙම අනතුර සිදු වි ඇත්තේ මාවනැල්ල පොලිසියේ කැබ් රථයේ පිටුපස නුවර දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් ඉන්ධන ප‍්‍රවාහන බවුසර් රථය වැදිමෙන් අනතුරට ලක් වි ඇත. අනතුර සිදුව ඇත්තේ රාත‍්‍රී 12 අලූයම 2 අතර කාලයේදි බව පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් එහි ගමන් ගත් උප පොලිස් පරික්ෂක පුෂ්ප කුමාර, පොලිස් සැරයන් සමරතුංග, පොලිස් කොස්තාපල් 42395 පියුම් කුමාර රියදුරා වන පොලිස් සැරයන් විජේසිංහ යන නිලධාරින් තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

අනතුරෙන් පසුව බවුසර් රථයේ රියදුරා ලෙස කටයුතු කරන ලද යාය 11 පදවි සිරිපුර පදිංචි රණවිර ආරච්චිලාගේ සුජිත් රණසිංහ යන අය මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

13,025 Viewers

2 Comments to “රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මිය යයි.. තවත් නිලධාරීන් තිදෙනෙක් බරපතලයි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා ඉක්මන් සුවය පතමු

  2. SL says:

    කනගාටුවෙන් උනත් කියන්න වෙනවා පොලිස් jeep වල ත් tail light නැහැ ,විශේෂයෙන් ඉන්දියාවෙන් ගෙනත් තියෙන වාහනවල tail light රෑට පෙනෙනවා හරිම අඩුයි දීප්තිය හරිම අඩුයි . වාහනෙත් තද නිල් .
    පිටිපස්සෙන් ඇවිත් වදින එක අහන්න දෙයක් නෙවි ..

Main News