රිය අනතුරකින් 8 ක් තුවාල ලබයි… තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් තිදෙනෙක්…

February 27, 2018 at 2:05 am | lanka C news
රිය අනතුරකින් 8  ක් තුවාල ලබයි… තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් තිදෙනෙක්…

වව්නියාව පාවක්කුලම් මාර්ගයේ ඖෂධ පිටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති අති බවට වව්නියාව ඊරට්ටපෙරියකුලම් පොලීසිය කියා සිටියේය.

පාවක්කුලම් මාර්ගයේ ධාවනය වූ ත්‍රී රෝද රථයකට අතුරු මාර්ගයක සිට අධික වේගයකින් පැමිණි යතුරු පැදියක් ප්‍රධාන මාර්ගයට දැමීමට ගත් උත්සහයකදී යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ සිදු කළ ඊරට්ට පෙරියකුලම් පොලීසිය කියා සිටියේය.

කෙසේ වෙතත් අනතුරින් යතුරු පැදියේ හා ත්‍රී රෝද රථයේ ගමන්ගත් සියලුම අය තුවාල ලබා ඇති අතර මේ වන විට තුවාල ලැබූවන් වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන අතරම තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් තිදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකුද සිටින බවට පරික්ෂණ කටයුතු සිදු කළ ඉරට්ට පෙරියකුලම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4 views
Main News