රිසි ඇමතිගේ කොලු පැටි ලේකමා මත්කුඩු මහ තොගයක් සමග අල්ලයි.. සියල්ල වමාරයි.. නිදහස් කරන්නැයි බලපෑම්..

August 6, 2017 at 9:41 pm | lanka C news
රිසි ඇමතිගේ කොලු පැටි ලේකමා මත්කුඩු මහ තොගයක් සමග අල්ලයි.. සියල්ල වමාරයි.. නිදහස් කරන්නැයි බලපෑම්..

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ආණ්ඩුවේ ප්‍රබලම ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු සමග තවත් පුද්ගලයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල අමාත්‍යංශයට අයක් වාහනයකින් මෙම මත්ද‍්‍රව්‍ය තොගය ප‍්‍රවාහනය කරමින් තිබුනේ වෙරළ සාදයකට බවද තොරතුරු හෙලිව ඇති අතර කොකේන් මිලි ග්‍රෑම් 3000ක්, හසීස් මිලි ග්‍රෑම් 9740ක්, කුෂ් මිලි ග්‍රෑම් 9420ක්, පිල් මිලි ග්‍රෑම් 4500ක්, විදෙස් මත්පැන් බෝතල් 18ක්, නීති විරෝධී දුම්වැටි 400ක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති ඩාන්සින් ටැබ්ලට් එකක් රුපියල් 7500ක් පමණ වන බවද පැවසෙයි.

මෙම ලෙක්ම්වරයා අදාල ඇමතිවරයා සමග අතිශය සමීප ඇසුරක් පවත්න්නෙකුද ඇමතිවරයා සමග නිතර රට සවාරි යන්නෙකු බවද සදහන්ය.

ඔහු සතුව තිබූ ඇමති ආරක්ෂක අංශ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ රාජකාරී හැඳුනුම්පතක්ද තිබී ඇති අතර සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමෙදී පවසා ඇත්තේ දුම්වැටි තොගය ගෙනයන්නේ ඇමතිවරයාගේ පරිහරණය සදහා බවයි.

ගල්කිස්ස පොලිසියේ රදවා සිටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඇමතිවරයාගෙන් දැඩිව බලපෑම් එල්ල වූ බවද වාර්තා වෙයි.

මෙම පිරිස අත්අඩංගුවට පත්වෙද්දී ගමන් කරමින් සිට ඇත්තේ CAB-7855 දරණ වාහනයෙන් බවද සදහන්ය

– තොරතුරු අන්තර්ජාලයෙනි

34 views
Main News