රුපියලකට වේච්චි දෙයක්.. මහින්දගේ වසර 09 කට අවප්‍රමාණය 2.8%යි.. යහපාලන තුනහමාරට අවප‍්‍රමාණය 9.1%ක්..

September 27, 2018 at 11:20 am | lanka C news
රුපියලකට වේච්චි දෙයක්.. මහින්දගේ වසර 09 කට අවප්‍රමාණය 2.8%යි.. යහපාලන තුනහමාරට අවප‍්‍රමාණය 9.1%ක්..

මහින්ද රාජපක්ෂ මහතා රට බාරගන්නා විට රුපියල් 102.12ක් වූ ඩොලරයක වටිනාකම 2014 අවසාන වෙද්දී 131.5 ක් දක්වා අවප‍්‍රමාණය වී තිබුනේ එම පාලන කාලයේදී වාර්ෂික අවප්‍රමාණය 2.8%ක් පෙන්වමින් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රාජපක්ෂ පාලනය අවසානයේ සිට මේ දක්වා වසර තුනහමාරක කාලයේදීය රුපියල වාර්ෂිකව 9.1% කින් අවප්‍රමාණය වී ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

මේ ආණ්ඩුව රට බාර ගනිද්දී ඩොලරයක් 131.5 වූ අතර අද 177.66 දක්වා ඉහළ ගොස් ඇති බවද ඒ මහතා කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රුපියල බාල්දු වීම හොද යයි රූපවාහිනයේ පමණක් නොකිවා ගමට ගොස් එමි ජනතාව සමග පවසන ලෙස හර්ෂද සිල්වා නියෝජ්‍ය ඇමතිගෙන් තමන් ඉල්ලා සිටින බවත් එමේ කලහොත් ඔවුන් කොසු ඉදල් ගෙන පහර දෙනු ඇති බවත් ඒ මහතා තව දුරටත් එහිදී පැවසීය.

28 views
Main News