රුපියල් කෝටි 10කට අධික කේරල ගංජා යාපනය මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් ගිනි තබා විනාශ කරයි..
November 26, 2017 at 5:30 pm | lanka C news
පසුගිය දිනයන්හි උතුරු මුහුදෙන් හා යාපනයේ විවිධ ස්ථාන වලන් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 10 කට අධික කේරල ගංජා තොගයක් ගිනිතබා විනාශ කිරීමට යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා නියෝග කොට සිටියේය.
යාපනය දිස්ත්‍රීක්කයෙන් අවස්ථා කිහිපයකදී පොලීසිය හා යාපනය මුහුදු තීරයේදී අවස්ථා කිහිපයකදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් අදාල කේරල ගංජා තොගය යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයෙ පිහිටි ස්ථානයක ගිනිතබා විනාශ කිරීමට පියවර ගෙන තිබූ අතර එම අවස්ථාවට මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතාද සහභාගී විය.
උතුරු පලාතේ වෙනත් දිස්ත්‍රීක්ක වලට සමගාමීව යාපනය දිස්ත්‍රීක්කයේ කේරල ගංජා ඇතුලු විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් හිස ඔසවමින් ඇති අවස්ථාවක යාපනය මහාධිකරණ විනිසුරු තුමන් විසින් අත්අඩංගුවට ගත් එම කේරල ගංජා තොගය විනාශ කර දැමීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් අදාල කේරල ගංජා තොගය ගිනිතබා විනාශ කිරීමෙන් යාපනයේ හිසඔසවන මත් උවදුර මැඩලීම යාපනය මහාධිකරණ විනිසුරු තුමන්ගේ ප්‍රධාන අරමුණ වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්ද මැඩපැවත්වීමට යාපනයේ මේ වන වට විශේෂ ආරක්ෂිත වැඩපිලිවලක්ද ක්‍රියාත්මක කිරීමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
What an exemplary judge he is !
South must have such judges too.
Hats off, Your Honour.
යාපනයෙ ඉලංචේලියන් විනිශ්ච්ය තුමා යටතේ අද මම පලමු වරට මෙව න් පුවතක් ඇසුවා. ඉතාම යහපත් මහත්මයෙක්. වරක්එ එතුමා ගාතනය කිරිමට උත්සාහයක් තිබුනා. සින්හල ජාතික එතුමාගෙ ආරක්ශ්කයා ජිවිතය දීලා එතුමා රැකගත්ත. ඉදිරියටත් එතුමාට හොඳ ආරක්ශාවක් සැපයියයුතුය.
Hon. Judge Ilanchelian, we are very happy to learn your brave decisions and making the decisions come true.!! We need judges like you in down South with impartial, clear and genuine judgements.!!
We are worried about one thing, please be careful, as someone attempted to harm you and of course you should not trust those drug mules, who must be really angry with you!!!
With all the best wishes and may the gods above usher you their blessings.!!!