රුපියල් කෝටිකට අධික හෙරෝයින් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනයෙන් අත්අඩංගුවට…
May 14, 2018 at 2:07 am | lanka C news
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්රෑම් එකක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය පලෙයි කරන්දායි ප්රදේශයේදී 12 දින අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂකාරය් බලකාය කියා සිටියේය.
රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් කරන්දායි ප්රදේශයට ගොස් අදාල හෙරෝයින් තොගය මිලදී ගැනීමේ මුවාවෙන් මෙම මෙහෙයුම දියත් කොට ඇත.
අදාල හෙරෝයින් තොගය සඳහා වැටලීම සිදු කරන අවස්ථාවේදී හෙරෝයින් තොගය ප්රවාහනය කරන ලද වෑන් රථයද අත්අඩංගුවට ගෙන ඇත.හෙරෝයින් ජාවාරම සිදුකල පුද්ගලයින් වයස 27 හා 37 යන වයස් සීමාවන් වල වන අතර ඔවුන් යාපනයේ පදිංචි කරුවන්ද වන අතරම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
mung heroine dakunata genalla sinhalayo nathi karanawa.
mewa koti weda…………………