රුපියල් කෝටියක කේරල ගංජා තොගයක් සැකකරුවන් සමගින් තලෙයිමන්නාරමේදී අත්අඩංගුවට….

November 29, 2019 at 2:02 am | lanka C news
රුපියල් කෝටියක කේරල ගංජා තොගයක් සැකකරුවන් සමගින් තලෙයිමන්නාරමේදී අත්අඩංගුවට….

තලෙයිමන්නාරම ප්‍රදීපාගරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී රුපියල් කෝටියකට ආසන්න විටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 80 ක්සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් ‍තලෙයිමන්නාරම ප්‍රදීපාගරයට ඔබ්බෙන් වු  මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර එහිදී සඟවා තිබූ කේරල ගංජා තොගය හමු වී ඇත.

ඩිංගි යාත්‍රාවේ සිට නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 36 ක් සහ 39 ක් වන මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එම පුද්ගලයින්, කේරළ ගංජා ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ් පොලිසිය වෙත භාර දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,021 Viewers

Leave a Comment

Main News