රුපියල් කෝටියකට අධික වටින කේරල ගංජා උතුරු මුහුදෙන් අත්අඩංගුවට..
March 2, 2019 at 5:30 pm | lanka C news
යාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදා සෝදිසි කිරීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා 86.4 ක ප්රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අයත් වේග ප්රහාරක යාත්රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේදුරුතුඩුවට උතුරු මුහුදු ප්රදේශයේදී කළ මුර සංචාරයේදී සැකකටයුතු ඩිංගි යාත්රාවක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා ජාවරම අත්අඩංගුවට ගෙන ඇත.
ඩිංගි යාත්රාවේ තිබී මෙම කේරළ ගංජා තොගය පර්සල් දෙකක බහා තිබී ඇති අතර අදාල කේරල ගංජා තොගය ඉන්දීයාවේ සිට ශ්රී උතුරු මුහුදට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටියි.
අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් කන්කසන්තුරේයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
බෝට්ටුවලින් කල්ලතොනින් එන්නත් පුලුවන් ගෙයින් ගෙට පරික්ෂා කල යුතුය
uthure demala deshapaaluwange keemata siyaluma hamudaawan uthuren iwathkara polis balathala eyaalatama denna
අපරාදේ….. උතුරට පොලිස් බලතල දුන්න නම් ඔහොම වෙන්නේ නෑනේ……. සුමන්තිරන්ට බිස්නස් එක හොදට කරගෙන යන්න තිබුනා.
ඔය ගංජා වලින් බෙහෙත් සදහා තෙල් හිදින්න ආයුර්වේද සංස්ථාවට භාර දිය යුතුයි. හා නැද්ද?
මේ ජාවරමට “රෝ” ඔත්තු සේවයේ සම්බන්ධයක් තියෙන්න පුළුවන් .