රුපියල් කෝටියකට අධික වටිනා වාලම්පුරි දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට…
July 14, 2018 at 8:02 am | lanka C news
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ට්රයිටන් වර්ගයේ බවට සැකකෙරෙන වාලම්පුරි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චිය ධර්මපුරම් ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිව් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කියා සිටියහ.
ධර්මපුරම් විශ්වමඩු ප්රදේශයේදී අදාල වාලම්පුරි දෙක රැගෙන සැකකරුවන් දෙදෙනෙකු රැගෙන යමින් සිටියදී පොලිස් විශෞෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසියකදී යතුරුපැදියේ මල්ලක සගවා තිබූ අදාල වාලම්පුරි දෙක හමු වී ඇත.
වාලම්පුරි සමග වාලම්පුරි රැගෙන ගිය සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන ඇති අතරම සැකකරුවන් 25 සහ 37 වැනි වියේ පසුවන අතර ඔවුන් යාපනය කොඩිකාමම් ප්රදේශයේ පදිංචි කරුවන් වෙති.
අදාල වාලම්පුරි කිලිනොච්චියේ සිට යාපනය දක්වා රැගෙන යාමේ සැලසුමක් තිබූ බවටද සැකකෙරෙන අතර කිලිනොච්චිය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව වැඩිදුර පරික්ෂණ සිදු කරයි
මේ අතර පසුගිය 09 වනදාද කිලිනොච්චිය කනකපුරම් ප්රදේශයේ සිට යාපනය දක්වා රැගෙන යාමට සූදානම් කොට තිබූ වාලම්පුරියක්ද කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මම කිව්වා ගිගුම් මඩුවෙ විමල බුද්ධියට පරිස්සමෙන් කරන්න කියල. කෝ මේ යක ඇහැව්වෙ නැහැනේ. කරගම් පිටියේ උදය ගෑස් එකේ උදය මහත්තයත් ගජ මුතු විකුනන්න ගිහිල්ල නුලෙන් බේරුනේ. පච්චි කොක්කු හැම තැනම.
දන්නේ නැති නිසා අහන්නේ. වාලම්පුරි ලග තබ ගැනීම විකිණීම තහනම්ද?
එහෙමනම් පත්තර ව්ල ඇඩ් දාලා නාවලද නුගේගොඩ පැත්තේ එක් කෙනෙක් මහා බලසම්පන්න වාලම්පුරි කියලා විකුනන්නේ. ඇයි එයාව අත් අඩංගුවට ගන්නේ නැත්තේ
දී ෆක් උපාසක මහත්තය දන්නේ නැති හින්ද කියල දෙන්නෙ . ඔය නුගේගොඩ පැත්තේ පත්තරේ දැන්වීම් දාල වාලම්පුරි විකුණන මනුස්සය, අපේ මේ අජිත්. චී . පෙරේරා උපාසක මහත්තයගෙ මස්සිනා කියල ඔයා දන්නේ නැත්ද.? මොන පච්චි කොකාද කිලිනොච්චියට ට්රාන්ස්ෆර් යන්න කැමති.?
මැරුණු බෙලි කටුවකට ඔය තරම් වියදම් කරනවට වඩා තමන්ගේ ආත්ම ශක්තිය කෙරෙහි විශ්වාසය තබා ගැනීම තමා හොදම ක්රමය