රුපියල් කෝටියකට අධික හෙරෝයින් තොගයක් අත්අඩංගුවට…

January 1, 2020 at 8:02 am | lanka C news
රුපියල් කෝටියකට අධික හෙරෝයින් තොගයක් අත්අඩංගුවට…

රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝග්‍රෑම් එකක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වව්නියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.

පොලිසිය පැවසුවේ කොළඹ සිට මන්නාරම දක්වා ‍ගමන්ගත් බස් රථයක් සෙට්ටිකුලම් පොලිස් මාර්ග බාධකයකදී යුද හමුදාව හා පොලීසිය ඒකාබද්ධව සිදුකළ පරීක්ෂා කිරීමේදී සැකකරු රාත්‍රියේ හෙරෝයින් තොගය බස් රථයේ බෑගයක් තුල සඟවා සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙකු වන අතර සැකකරු ජාවාරම්කරුවෙකුගෙන් හෙරෝයින් තොගය ලබාගෙන මන්නාරම ඇතුළු ප්‍රදේශයන්ගේ බෙදා හැරීමට රැගෙනයමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලීසිය සදහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

147 views

2 Comments to “රුපියල් කෝටියකට අධික හෙරෝයින් තොගයක් අත්අඩංගුවට…”

  1. Sun says:

    Probably these type of transportation has been happening in the system covering the sight of the police and the security of the country. This is a planned and paid business organised by the drug dealers covering the eyes of the police. We need to be vigilant otherwise the country will be like Pilipine where drug loads are running the country.

  2. Love nature says:

    ජීවිතාන්තය දක්වා සිරකර තබන්න

Main News