රුපියල් කෝටි 2කට ආසන්න කේරල ගංජා මන්නාරමෙන් හමුවෙයි

March 21, 2019 at 2:04 am | lanka C news
රුපියල් කෝටි 2කට ආසන්න කේරල ගංජා මන්නාරමෙන් හමුවෙයි

මන්නාරම ඌරුමලෙයි මුහුදු වෙරලට ගොඩ ගසා තිබූ රුපියල් කොටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 150 ක් තිබී නාවික හමුදාව විසින් සොයාගෙන ඇත.

උතුරුමැද නාවික විධානයට අයත් සෙබලුන් විසින් මන්නාරම ඌරුමලෙයි මුහුදු තීරයේදී සිදු කල සොදිසි මුර සංචාරයකදී වෙරල තීරයට ගොඩ ගසා තිබූ අදාල කේරල ගංජා තොගය හමු වී ඇත.

ගෝනි 05 ක අදාල කේරල ගංජා තොගය අසුරා තිබියදී එම ගොනිද සමග මුහුදු වෙරලට ගොඩ ගසා ඇති අතර ඉන්දියාවේ සිට ගෙන එන ලද අදාල කේරල ගංජා තොගය නාවික හමුදා සෝදිසි යාත්‍රා දැක එම කේරල ගංජා තොගය මුහුදට දමා සැකකරුවන් පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කොට සිටියේය.

මෙසේ හමු වූ කේරල ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් විෂමත්ද්‍රව්‍ය අංශයට භාර දීම නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

726 Viewers
Main News