රුපියල් කෝටි 3 කට අධික කෙරල ගංජා කිලෝ 153 ක් උතුරු මුහුදේදී නාවික හමුදා බාරයට…
November 21, 2017 at 2:05 am | lanka C news
ඉන්දියාවේ සිට උතුරු මුහුදට රැගෙන ආ රුපිය් කොටි 3කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 153 ක් 19 රාත්රියේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට කන්කසන්තුරෙයි පොලීසිය කියා සිටියේය.
උතුරු නාවික විධානයට අයත් පි 437 වේග ප්රහාරක යාත්රාවට සහ වෙරළාරක්ෂක බලකායේ සිජි 401 වේග ප්රහාරක යාත්රාවට අනුයුක්ත නාවික පිරිසකට පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ මෙම කේරල ගංජා කිලෝග්රෑම් 153 හමු වී ඇත.
එසේ හමු වූ කේරළ ගංජා තොගය ඇසුරුම් 60 ක බහා තිබී ඇති අතර ඉන්දියාවේ සිට මෙරටට විකිණීම සඳහා රැගෙන ආවද නාවික හමුදා යාත්රා දැකීම නිසා ජාවාරම් කරුවන් පිරිස අදාල කේරල ගංජා තොගය මුහුදට විසිකොට පලා ගොස් ඇතයි නාවික හමුදාව සැකපල කර සිටියි.
මෙසේ අත්අඩංගගුවට ගත් කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
– වන්නි රොමේෂ් මධුෂංඛ