රුපියල් කෝටි 4 කට ආසන්න කේරල ගංජා උතුරු මුහුදේ පාවෙයි…

August 14, 2020 at 2:02 am | lanka C news
රුපියල් කෝටි 4 කට ආසන්න කේරල ගංජා උතුරු මුහුදේ පාවෙයි…

යාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදා යාත්‍රාවකට මුහුදේ පාවෙමින් තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 275 ක් තිබී හමු වූ බවට නාවික හමුදාව පවසයි.

පේදුරුතුඩුව මුහුදු තීරයේ මුහුදු සැතපුම් 22ක් පමණ නුදුරින් උර 6ක් මුහුදේ පාවෙමින් තිබියදී සෝදිසි මෙහෙයුම්වල නිරත වූ උතුරු නාවික විධානයේ නීරීක්ෂණ යාත්‍රාවකට හමු වී ඇති අතර එම උර පරික්ෂා කිරීමේදී එහි තිබී අදාල කේරල ගංජා තොගය හමු වී ඇත.

ඉන්දියාවේ සිට ජාවාරම් කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් අදාල කේරල ගංජා තොගය රැගෙන එන අවස්ථාවේදී නාවික හමුදා යාත්‍රා දැක මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

මුහුදේ පාවෙමින් තිබූ අදාල කේරල ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩු පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසන් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,204 views

2 Comments to “රුපියල් කෝටි 4 කට ආසන්න කේරල ගංජා උතුරු මුහුදේ පාවෙයි…”

  1. thyaga mudal policiyata denawa wage navika hamudawe ayatath denna

  2. polisiyata thegidenawa wage navy ekatath thyaga denna

Main News