රුපියල් ට්‍රිලියන 1.6ක ණය ගන්න අනුමතයි..
December 12, 2017 at 8:00 am | lanka C news
ශ්‍රී ලංකාවට මෙම 2017 වසර සදහා ණය ලබා ගැනීමේ සීමාව ඉහල දැමීමට පාර්ලිමේන්තුවට ගෙනෙනු ලැබූ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.
එය සම්මත වීමත් සමග මෙම වසර සදහා රුපියල් බිලියන 1,629 තෙක් ණය ලබා ගැනීමට හැකියාව ලැබෙයි.
මීට පෙර මෙම සීමාව වූයේ රුපියල් බිලියන 1,579ක් ලෙසයි.
මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් 2016 විසර්ජන පනතට සංශෝධනයක් ලෙස මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබින.
රටේ සම්පත් සියල්ල විකුණා දැමීම වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය එබැවින් නන්දා මාලනියගේ “රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ“ නම් ගීය, ජාතික ගීය ලෙස නම් කරන්න.