රුපියල් දහසේ කාසියක් නිකුත් කරයි.. චීනය වෙනුවෙන්… නෙලුම් පොකුණ එක පැත්තක..

July 7, 2021 at 8:40 am | lanka C news
රුපියල් දහසේ කාසියක් නිකුත් කරයි.. චීනය වෙනුවෙන්… නෙලුම් පොකුණ එක පැත්තක..

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා 06 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

දෙරට අතර දිගු මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක් ලෙස මෙම සමරු කාසිය නිකුත් කෙරිණ.

කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මධ්‍යයේ දැක්වේ. එහි 2022 යන්න රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා ඇත. කාසියේ පරිදියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව – චීනය වසර 65යි” යනුවෙන් සටහන් කර ඇත.

කාසියේ අනෙක් පස රුපියල් දහස සහ “චීන කොමියුනිස්ට් පක්ෂය” යනුවෙන් භාෂාත්‍රයෙන් සඳහන් වේ.

රන් සමරු කාසි 500ක් සහ රීදි සමරු කාසි 2000ක් නිකුත් කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

– ජනාධිපති මාධ්‍ය අංශය

41,446 views

15 Comments to “රුපියල් දහසේ කාසියක් නිකුත් කරයි.. චීනය වෙනුවෙන්… නෙලුම් පොකුණ එක පැත්තක..”

  1. Boo says:

    රතු සහ කොල බයියන්ට සතියක් දෙකක් කතාකරන්න දීපු ගුන්ඩුවක් වගේ. රතු සහ කොල බයියනි අහුවෙන්න එපා.

  2. ගොන් මාමා says:

    ගොන්ජා හිරේ නොගිහින් හිටිය නම් ඔය කාසි පාවිච්චි කරන විවිධ ක්‍රම කියලා දෙන්න තිබුනා.

  3. Ranjith Gunawaradana says:

    The only leadership of Communist Party of China, there is New People’s Republics Of China came into being 1949 October 1st . In fact Semi-Feudal and Semil Colonial of that People China has been Liberated into New Socialist state in world map after 1917 October revolution in USSR. Rise of China is inevitable.
    PRC is outstanding friend, Democratic Socialist republic of Sri Lanka and its People.

  4. Bush says:

    Please issue it for public too.Its very nice to have such a coin .

Main News