රුපියල් බිලියනයක් රටට ඉතිරිවන බෙහෙතක් ලංකාවේ හදයි…

December 24, 2020 at 12:40 pm | lanka C news
රුපියල් බිලියනයක් රටට ඉතිරිවන බෙහෙතක් ලංකාවේ හදයි…

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නව නිෂ්පාදන ඒකකය විවෘත කිරීම සහ “අලුත් රටට අලුත් බෙහෙත්” වැඩපිළිවෙළ යටතේ ෆ්ලුක්ලොක්සසිලින්-flucloxacillin ප්‍රතිජීවක ඖෂධය එළිදැක්වීම ගරැ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන SPMC පරිශ්‍රයේදී සිදු කෙරිණි. වසරකට මෙම ඖෂධය මෙරටට ගෙන්වීමට රුපියල් බිලියනයක ආසන්න මුදලක් වැය කරයි. රජය මගින් පමණක් මෙම ඖෂධය මිලදී ගැනීමට වාර්ෂිකව රුපියල් මිලියන 500-600 අතර මුදලක් වැය කරයි.

මහාචාර්ය චන්න ජයසුමන මහතා ඖෂධ පිළිබඳ රාජ්‍ය අමාත්‍යධුරයට පත්වීමෙන් පසු මසකට වරක් මීට පෙර ලංකාවේ නිෂ්පාදනය නොකළ ඖෂධයක් එලි දැක්වීම ඇරඹිණි. ඒ අනුව සැප්තැම්බර් මාසයේ ගැබා පෙන්ටීන්, ඔක්තෝබර් මාසයේ ක්ලොපිඩොග්‍රේල්, නොවැම්බර් මාසයේ හයිඩ්රෝක්සි ක්ලෝරෝකුවීන් ලෙස නව ඖෂධ එලි දැක්විණි.

අග්‍රාමාත්‍යතුමා නව ඖෂධ නිෂ්පාදන ඒකකය විවෘත කරමින් මෙසේ ද කීවේය,

“විශේෂයෙන්ම 2012 වසරේදී තමයි අපිට මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අනුමැතිය ලැබුණේ. එදා මිලියන 4470ක් අපි මේ සඳහා වෙන් කරලා තිබුණා. ඖෂධ නීතිගත සංස්ථාවේ ධාරිතාවය දෙගුණයකින් ඒ නිසා වැඩි වෙලා තියෙනවා. ඉතිං ඒ නිසා මේ ආයතනයේ තියෙන වැදගත්කම මම මෙතන ඉන්න පිරිසට අලුතින් කියන්න අවශ්‍ය නැහැ.

නමුත් අපි දන්නවා අපේ සියයට 70%ක් වගේ ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් හා බංග්ලාදේශයෙන්. ඉතිං එහෙම අපි ගේනවා නම් අපිට තියෙනවා වගකීමක්, මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. අපිට ඒ සඳහා අවශ්‍ය ඥානය, බුද්ධිය තියෙන පිරිස් ඉන්නවා.

ඒ නිසා එවැනි අවස්ථාවකදී අපි ඥානයෙන්, බුද්ධියෙන් සේවයක් ලබා ගත යුතු යැයි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පැහැදිලිව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක්ම මේ රටේ නිෂ්පාදනය විය යුතුයි, ඒ වගේම පිටරටින් ගෙන්වන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතු යැයි විශ්වාස කරනවා. එහෙමනම් වෛද්‍ය අංශයෙන් වේවා, වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි.

අද මේ ආයතනයට ඇවිල්ලා නව ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකිවීම ගැන මම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපි අපේ රට හැම අංශයකින්ම ස්වයං පෝෂිත කරන්න ඕනි, ඒක අනුව තමයි අපිට අපේ අනාගතය ගැන බලාපොරොත්තු තියා ගන්න පුලුවන් කියලා මම විශ්වාස කරන්නේ.”

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි, අමාත්‍ය සරත් වීරසේකර, අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– රත්මලානේ විජයසිරි හේවගේ

46,214 views

13 Comments to “රුපියල් බිලියනයක් රටට ඉතිරිවන බෙහෙතක් ලංකාවේ හදයි…”

  1. අමල් says:

    ජයවේවා, මේ කටයුත්ත දිගටම කරගෙන යන්න. බාධක නොසලකන්න.

  2. kalu wunath sudu mahaththuru says:

    Owa wadak na.. sudu mahaththurunge company walin haduwoth witharai ape leda honda wenne.. -_-

  3. ජනජය says:

    නියමයි ..👍 ..ඔන්න ඕවයි වෙන්න ඕන …ඔහොම යං..!!

  4. 😲😲😲😲😲😲 says:

    ලංකාවේ දිනකට
    දුම්වැටි සඳහා රුපියල් කෝටි 38 ක්
    මද්‍යසාර සඳහා රුපියල් කෝටි 57 ක්
    වියදම් කරයි…
    දුම්වැටි නිසා දිනකට 60 ක් ද
    මද්‍යසාර නිසා දිනකට 50 ක් ද මියයයි!
    මෙයට ඇබ්බැහිවූ තරුණකැළ…
    12%කට ඒඩ්ස් හැදිලා !

  5. gamaya says:

    මේවා නම් හොඳ වැඩ. ඒත් කරුණාකරලා ඔය පිස්සු කපුවන්ගෙ පැණියවල් උස්සලා තියන්න ගිහින් තමුන්ගේ නම කැත කර ගන්න එපා.

  6. ඩිංගිරි says:

    ජයවේවා!! අපේ රටේ නිපදවිය හැකි සියලුම දෑ මෙරට නිපදවිය යුතුයී.

  7. GONA says:

    They import every raw material either from China or from India and make tablets and capsules. It is just like reassembling vehicles in Sri Lanka. Therefore, the profit is not so much as they claim.

    • Buwa says:

      ඒකනෙ උබට ගොනා කියන්නේ

    • බයියා says:

      ඕනෑම බෙහෙතක active ingredient එක විදියට තියෙන රසායනය තියෙන්නෙ මිලිග්රෑම් හෝ මයික්‍රො ග්‍රෑම් ප්‍රමාණයක්. ඉතිරි සියල්ලම අක්‍රිය සංයෝග. මේ GONA කියල තියෙන විදියට අපි බෙහෙත් හදන්න පටන් ගන්නකොට ඊට අල්ලපු ඉඩමේ ඒ රසායනය හදන ෆැක්ට්‍රි එකකුත් හදන්න ඕනෙ. හැබැයි මුලු ලංකාවට ම ඕන වෙන්නෙ ඒ රසායනයෙන් ඉතාම සුළු ප්‍රමාණයක් වෙන්න පුලුවන්. ඒකෙන් වෙන්නෙ ලාභ අඩුවෙලා ෆැක්ට්‍රි දෙකම කඩාකප්පල් වෙන එක.

      වාහන හැදිල්ලත් ඔය කතාව වගේම තමයි.

      මේ තමයි ජෙප්පො වැඩ කඩාකප්පල් කරන එක ක්‍රමයක්. මුං සීයට 3 ඉඳලා සීයට 1 ට බැස්සුවත් මේ වගේ ගොං අදහස් මිනිස්සුන්ගෙ ඔළුවලට දාන එක නවත්තන්නෙ නෑ. ඒ හින්ද මුංව සීයට 0 කරලම දාන්න ඕනෙ.

    • silva says:

      GONA ,kiyala api danagena hitiye R, 50, ta ,ANGA WIKUNANA ganikaawo,
      jeewath wenta ehema kalath kamak naha,
      NAMUTH ,U MBALA karanne ratai ,ammai, birindai, duwai, okkoma ,wikunala
      salli hoyan eka,
      naruma SJB, JVP, NGO. Apathainta giya kalak, ahooo khedhayakiiii,
      umbalata weccha de gana apita harima sathutui,

  8. Mallitco says:

    Excellent, go a head, something is better than nothing.

  9. Demuni Uduwara says:

    Stop ceremonies; waste of state funds.

Main News