රුපියල් බිලියන 03ක මත්කුඩු බෝට්ටුවකින් අල්ලයි… [Photo]

August 31, 2021 at 12:40 pm | lanka C news
රුපියල් බිලියන 03ක මත්කුඩු බෝට්ටුවකින් අල්ලයි… [Photo]

බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ බහුදින යාත්‍රාවක් නැවත පැමිණි පසු රුපියල් කෝටි 290 ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලො290 ක් සමග එම යාත්‍රාවේ සිටි සැකකරුවන් පස් දෙනෙක් සමග අද (31)අලුයම බේරුවල ධීවර වරායේ නාවික හමුදා අනුඛණ්ඩය ට යාබද ජැටියේ දී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදාව ඒකාබද්ධව කළ වැටලීමකදි අත්අඩංගුවට ගත් බව කියයි .

මෙලෙස අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රා වේ ධීවරයන් බලපිටිය අහුන්ගල්ල අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම බහුදින යාත්‍රාව තංගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් බලපිටිය ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයෙක් මිලදී ගත් එකක් බවත් පසුගිය ජූලි මස 30 දින බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ඈත දියඹට ගොස් ඇති යාත්‍රාවක් බව හඳුනාගෙන ඇත.

මෙලෙස ධිවර කටයුතු සඳහා බේරුවලින් දියඹට ගිය මලිඳු 3 නැමැති යාත්‍රාව පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවාවට ලද තොරතුරක් මත ඉකුත් සෙනසුරාදා සිට අද 31අලුයම තෙක් තංගල්ලේ සිට බේරුවල දක්වා මුහුදු තීරයේ විශේෂ මෙහෙයුමක් දියත් කර මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ යාත්‍රාව ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය , ශ්‍රී ලංකා නාවික හමුදා ව, ,ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය, වෙරළ ආරක්ෂක බලකාය එක්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන බව මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උසස් නිළධාරියෙකු හා නාවික හමුදාව කියයි .

නාවික හමුදාව මෙම සැකකාර බහුදින යාත්‍රාව බේරුවල ධීවර වරායට නොදුරින් මහ සයුරේ සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ බේරුවල වරායට රැගෙන ඇවිත් තිබෙන බවත් අනතුරුව අද අළුයම මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් නාවික හමුදා වහා එක්ව යාත්‍රාව සෝදිසි කිරීමෙන් පසු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 තොගය මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් භාරයට ගෙන තිබේ .

මෙම මත්ද්‍රව්‍ය තොගය දැඩි ආරක්ෂා සහිතව සූක්ෂම ලෙස අසුරා තිබෙන බවත් එහි මැදපෙරදිග රාජ්‍යයක අක්ෂර සහිත මුද්‍රා තබා තිබෙන බවත් එම නිලධාරීන් කියයි .

මෙම යාත්‍රාව ධීවර කටයුතු සඳහා මාසයක කාලයක් මහ සයුරේ ගත කර ඇතත් එහි තිබී ඇත්තේ මසුන් දෙදෙනෙකුත් බව වීම විශේෂත්වයකි.

මෙම මත්ද්‍රව්‍ය තොගය පාතාල ක්‍රියාකාරිකයෙකු වූ හරක් කටා නැමැත්තාට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ජාලයකට සම්බන්ධ බවට ලද තොරතුරු මත විමර්ශන සිදුකරන බවත් මෙම බහුදින යාත්‍රාවේ ධීවර කාර්මිකයෙකුට මේ ලක්ෂ 10 බැගින් රුපියල් ලක්ෂ 50 ලබාදෙන පොරොන්දුව මත මම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඇවිත් තිබෙන බව මේ වන විට සිදු විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

24,466 views

20 Comments to “රුපියල් බිලියන 03ක මත්කුඩු බෝට්ටුවකින් අල්ලයි… [Photo]”

  1. ගෞම් ඊයාරාජ් says:

    පුළුවන් නං මෙහෙම දෙයක් කරහල්ලා , ඇෆ්ගනිස්තානයේ ත්‍රසතයන්ගේ මූලීක මුදල් උල්පට අබිං ,කොක්‍ර්න් වගේ මත්ද්‍රවය , ඉතින් ඔය අහුවෙන කුඩු ටික හොද කාර්ටේලයක් හරහා හුවමාරූකරගෙන ,රටට ඩොලර් ටිකක් අරගන්න බැරි වෙයිද ? නිකමට කිව්වේ , රටට සල්ලී එන මාර්ගත් තියෙන්න එපැයි.😁😁

    • පිංපොං says:

      උඹයි උඹෙ අම්මයි පඩිතකාලට විකුනමු. රටට ඩොලර් හොයමු.

      • Ravana parapura says:

        බේරුවල හම්බයෝ මුළු රටම මත් කුඩු ගෙනත් විනාශ කරනවා ….ලගදීම තවත් අනතුරක් ලගයි වගේ

  2. නිකමා says:

    සල්ලි නැතෙයි කිව්වට ඔය තියෙන්නෙ , ඕක විකුනමු , තව ගේමු , විකුනමු , තව …… . එක්කො ඔය මෙතෙක් කල් අල්ලාපු ටික වික්කත් මදෑ . ගංජා කොරෝනාට හොඳයි කිව්ව එකේ , ඕකත් හොඳයි කියල පොචාරයක් අරිමු . ඉතිං ගොඩ නේ .

  3. අපි තමයි says:

    දුමින්ද මෙන්න මේ… ප්‍රශ්නය මොකක්ද කියල බලන්න , බලල ඔයා මොනව හරි කරන්න.

  4. Felix says:

    This one too suspects from the Middle East. If it is from Bruwala, then we can see who could be the mastermind hear too. Thanks to the guy who gave an insider tip

  5. Asoka says:

    ආරංචියේ විදියට CID එකේ ලොක්කෝ හවුල්ලු. මහරගම පැත්තේ බහු විවාහ කරගෙන ඉන්න CID එකේ ලොක්කෙක් හවුල්ලු.

  6. damian says:

    සුපිරි ඔත්තුවක් . ඇතුලට රිංගල ඇතුලෙන්ම එවපු එකක් වගේ.
    මිඩ්ල් ඊස්ට් රට මොකක්ද කියා හිතාගන්න පුලුවන්. පොඩි මිනිහට දුප්පතාට කස පහර දෙන සල්ලි කාරයන්ට ලෝක හොරුන්ට ලෝක මිනීමරුවන්ට සුර සැප ආරක්‍ෂාව දෙන කයිවාරු බායි තමයි.

  7. LalithM says:

    ඕක අල්ලනකොට තව ඔය වගේ සිය ගුණයක බඩු ඇතුලට එන්න ඇති.

    • cobra says:

      කුඩු කාරයින්ට බියවීමට හේතුවක් නැහැ ..අධිකරණ ඇමති ඉස්ලාම් නිසා …කොහොමත් ඔහු කුඩු මුස්ලිම් සහෝදරයෝ ආරක්ෂා කරයි