රුපියල් මිලියන 23 ක කේරළ ගංජා කිලිනොච්චියෙන් හසුවෙයි…

December 23, 2018 at 2:06 am | lanka C news
රුපියල් මිලියන 23 ක කේරළ ගංජා කිලිනොච්චියෙන් හසුවෙයි…

කිලිනොච්චිය මරදනගර් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 153 ක් රැගෙන යමින් සිටි සැක කරුවෙකු කිලිනොච්චිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු නිළධාරීන් විසින් අත්අංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදු කරන ලද ඒකාබද්ධ වැටලීමකදී සැකකරු මරද නගර් ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගැනීමට මුලතිවු සහ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සමත් වූහ. සැකකරු කිලිනොච්චිය මරදනගර් ප්‍ර දේශයේ පදිංචි 32 හැවරිදි එල්. සුදාජීව නැමැති අයෙකු වන අතර සැකකරු විසින් අදාළ කේරළ ගංජා තොගය දකුණු පළාතට ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබූ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

කේරළ ගංජා ජාවාරම අත්අඩංගවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ මඟපෙන්වීම මත වව්නියාව කලාප අණදෙන නිළධාරී පොලිස් අධිකාරි පැට්රික් සිල්වා මහතාගේ සහ ප්‍රා දේශීය අණ දෙන නිළධාරී සහකාර පොලිස් අධිකාරී එච්.යූ. පියරත්න යන අයගේ උපදෙස් පරිදි මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂක ඩබ්.ඒ.ඩී. තරංග මහතාගේ නායකත්වයෙන් මුලතිව් සහ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් වැටලීම සිදු කරන ලදී.

– වන්නි රොමේෂ් මධුෂංඛ

77 views
Main News