රුපියල් ලක්ෂ 35 කට අධික කේරල ගංජා අත්අඩංගුවට…

November 20, 2017 at 2:06 am | lanka C news
රුපියල් ලක්ෂ 35 කට අධික කේරල ගංජා අත්අඩංගුවට…

වව්නියාව බස් නැවතුම්පලේදී තරුණයෙකු හා කාන්තාවක් ලග තබා සිටි රුපියල් ලක්ෂ 35 කට අධික කේරල ගංජා කිලෝ 12 ග්‍රෑම් 105 ක ප්‍රමාණයක් වව්නියාව පොලීසිය විසින් 18 දින අත්අඩංගුවට ගෙන ඇත.

වව්නියාව මූලස්ථාන පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වව්නියාව බස් නැවතුම්පලේ සිදු කරන ලද පරික්ෂා කිරීමකදී යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකුගේ බෑගයක තිබූ කේරල ගංජා කිලෝ 10 ග්‍රෑම් 23 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මුලතිව් සිට පුත්තලම් දක්වා යමින් සිටි 42 හැවිරිදි කාන්තාවක් සතුව තිබූ කේරල ගංජා කිලෝ 2 ග්‍රෑම් 82 ක් වව්නියාව දිසා වැටලීම් ඒකකය විසින් ඊයේ දින වව්නියාව බස්නැවතුම්පලේදී අත්අඩගංගුවට ගනු ලැබීය.

දිසා වැටලීම් ඒකකයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35 views
Main News