රුපියල් හයේ බෙහෙත් පෙත්ත රජය රුපියල් හයසීයට මිලට ගනිමින්…

July 5, 2022 at 3:56 pm | lanka C news
රුපියල් හයේ බෙහෙත් පෙත්ත රජය රුපියල් හයසීයට මිලට ගනිමින්…

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි 

ඖෂධ හිගය හා ඉන්ධන අර්බුදය යන ද්විත්ව අභියෝගයන් හමුවේ දිනෙන් දින බිද වැටෙන සෞඛ්‍ය පද්ධතිය 

අප දිගින් දිගටම පෙන්වා දුන් පරිදි ඖෂධ හිගය හා ඉන්ධන අර්බුදය යන ද්විත්ව අභියෝගයන් හමුවේ සෞඛ්‍ය පද්ධතිය ඉදිරි කාලය තුල බරපතල කඩා වැටීමේ අවදානමකට මුහුණ දී සිටියි. 

  1. ඖෂධ හිගය රජයේ රෝහල් තුල  පමණක් නොව පෞද්ගලික  අංශයට පවා බරපතල ලෙස දැනෙන්නට පටන් ගෙන ඇති බව නොරහසකි. පෞද්ගලික  ඖෂධහල් වල පවා බොහෝ ඹෟෂධ සොයා ගත නොහැකි තැනට පත්ව ඇත. 

එක් පැත්තකින් ඖෂධ හිගයක් පවතින අතර බොහෝ ඖෂධ වල මිල ගණන් ජනතාවට දැරිය නොහැකි මට්ටමකට ඉහල ගොස් ඇත. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇදුම වැනි දීර්ඝ කාලීන සුලභ රෝගී තත්ත්වයන්ගේ පෙලෙන රෝගින්ට ලබා දෙන ඖෂධ වල මිල ඉහල යාම හරහා බරපතල ගැටලු රාශියකට  මුහුණ දීමට සිදුව ඇත. 

නිලධාරි තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවත්, කවදත් ඖෂධ ක්ෂේත්‍රය වෙලා ගෙන තිබු  දූෂණ හා අක්‍රමිකතා අඛණ්ඩව ඉදිරියට යාමත් මේ තත්ත්වයට සෘජුවම වගකිව යුතු බව පැහැදිලිය. 

මේ වර්ෂය සදහා ඖෂධ ඇණවුම් කිරිම් නිසි කලට සිදු නොවීමත්, සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පැහැර හැරිම හරහා ඔවුන් ඖෂධ ආනයන කටයුතු වලින් ඉවත්වීමත් පවතින තත්ත්වයන්ට සැලකිය යුතු දායකත්වයක් දක්වා ඇත. 

මේ හරහා මතුව ඇති ඖෂධ හිගය ඖෂධ මාෆියාවට ආශිර්වාදයක් වි ඇත. ඒ හදිසි මිලදී ගැනීම් නම් කඩතුරාවට මුවා වෙමින් අසීමාන්තික ලෙස වාසි සලසා ගැනිමට පාර්ශව කිහිපයකට අවස්ථාවන් සැලසිමෙනි. විගණකාධිපති වාර්තා හෙලි දරව් කරන පරිදි මේ හරහා සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රමවේදයන් තුල රු 6.00 ට මිලදී ගැනිමට තිබූ සමහරක් ඖෂධ පෙත්තක් රු 600/- කට වඩා අධික මුදලකට මිලදී ගැනිමට සිදුවන අවස්ථා වාර්තා වෙයි. 

මහජන බදු මුදලින් රුපියල් බිලියන 100 කට අධික අති විශාල මුදලක් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලියට යොදවන පසුබිමක මේ සිදුවන මුදල් නාස්තිය කිසි ලෙසකින්වත් සාධාරණීකරණය කල නොහැක. 

ඒ අනුව පවතින අර්බුදකාරි තත්ත්වය කෙටි කාලීන හා දීර්ඝ කාලීන පියවර තුලින් විසදා ගැනීම අත්‍යාවශ්‍ය බව අප යෝජනා කරමු. 

  1. ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ සෑම පියවරකම තොරතුරු ඒ පිලිබදව උනන්දුවක් දක්වන සියලු පුරවැසියන්ට දැක බලාගත හැකි පාරදෘශ්‍ය ක්‍රමවේදයක් වහාම ස්ථාපිත කල යුතුය. මේ සදහා තොරතුරු තාක්ෂණික විශේෂඥ දැනුම භාවිතා කල යුතුය. 
  2. දිවයින පුරා සියලු රෝහල් වෙත කාර්යක්ෂම ලෙස ඖෂධ බෙදා හැරීම හා තොග කළමණාකරණය සහතික කිරීම සදහා අවශ්‍ය ප්‍රායෝගික තාක්ෂණික දැනුම සහිත පරිඝණක යෙදවුමක් සකස් විය යුතුය. 
  3. අකාර්යක්ෂමතාව හා විගණකාධිපති වාර්තා හරහා මතුව ඇති බරපතල අක්‍රමිකතා සදහා වගකිව යුතු නිලධාරින් හා බලධාරින් හදුනාගෙන ඒ අයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කල යුතුය. 
  4. ලැබෙන ආධාර කාර්යක්ෂම ලෙස ලබා ගැනීම සහතික කිරිම සදහා සෞඛය අමාත්‍යාංශය තුල තොරතුරු කවුලුවක් ස්ථාපිත කල යුතුය. ඒ හරහා ආධාර සපයන්නන්ට සමස්ථ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසයක් තහවුරු කල යුතුය. 
  5. ඉන්ධන අර්බුදය ආකාර කිහිපයකින් සෞඛ්‍ය පද්ධතියට බරපතල ලෙස අභියෝග කරමින් සිටියි. 
  1. රෝහල් ගිලන් රථ සදහා ඉන්ධන සීමා විම 
  2. රෝහල් වල විදුලි ජනක යන්ත්‍ර සදහා ලැබෙන ඉන්ධන තොග වල සීමාවන් 
  3. වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීමට මතුව ඇති බාධාකාරි තත්ත්වයන් මෙහිදි කැපි පෙනෙයි. 

මෙම තත්ත්වයන්  නිසි ලෙස කලමණාකරණය නොකලහොත් සෞඛ්‍ය පද්ධතිය මේ හරහා බරපතල කඩා වැටිමකට ලක්වීමට නියමිතය. 

දැනට රෝහල් ගිලන්රථ හා විදුලි ජනක යන්ත්‍ර සදහා සීමිත ඉන්ධන තොග මධ්‍යම ගමනා ගමන  මණ්ඩලයට අයත් බෙදා හැරීමේ මධ්‍යස්ථාන හරහා ලබා දුන්නද ඉදදිරි කාලය තුල ඒ හරහා පහසුකම්ද මේ වන විට අවිනිශ්චිත තත්ත්වයට පත් වෙමින් ඇත. 

රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණිමට  අවශ්‍ය ඉන්ධන ලබාදීම සම්බන්ධ යෝජනා වී ක්‍රියාත්මක වන සිකුරාදා දින ඉන්ධන බෙදා හැරිමේ වැඩසටහන මේ වන විට අභියෝග රැසකට මුහුණ දී ඇත. 

  1. ඉන්ධන තොග ප්‍රමාණවත් නොවිමත්
  2. ඉතා අධික කාලයක් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට ඉන්ධන පෝලිම් වල රැදී සිටීමට සිදුවිමත් 
  3. ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව පිලිබද මතුව ඇති ඇතැම් ගැටලුකාරි තත්ත්වයන්. 

හදුනාගත් ඉහත ගැටලුකාරි තත්ත්වයන්  ඉදිරි කාලයේදී මතුවිය හැකි බරපතල අනතුරක් පිලිබද ඉගි කරයි. 

මේ වන විටත් අප විසින් පෙන්වා දී ඇති විසදුම් වල සාර්ථක අසාර්ථක බව නිරන්තරයෙන් හා සමීපව සුපරික්ෂාවන්ට ලක් කරමින් වෙනත් විකල්පයන්  සදහා ඇති අවස්ථාවන් දෙස විවෘත මනසකින් යුක්තව අවධානය යොමු කරමින් කටයුතු නොකලහොත් ඉදිරි සේවා බිද වැටිම්ක් වලක්වා ගත නොහැකි වනු ඇත. 

ඒ සදහා බලධාරින්ට ඇත්තේ අත්හල නොහැකි වගකීමකි. මන්ද යත් අවසානයේ සෞඛ්‍ය පද්ධතිය බිද වැටීමක් හරහා ජීවිත වලින් වන්දි ගෙවීමට වනුයේ රටේ පොදු ජනතාවට වන බැවිනි. 

මහජන සහයෝගය ලබා ගනිමින්, එවන් ප්‍රායෝගික  විසදුම් උදෙසා යොමු විමකින් තොරව ඉදිරි අභියෝග ජයගත නොහැකි බව යලි යලිත් අවධාරණය කරමු. 

වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම් 

30,924 views

9 Comments to “රුපියල් හයේ බෙහෙත් පෙත්ත රජය රුපියල් හයසීයට මිලට ගනිමින්…”

  1. රංජිත් says:

    හයේ එක 600 අරන් තියෙන්නේ රාජත සේනාරත්නගෙ හිතවතාගේ කොම්පැනියෙන්ලුු නේද

    • Kasun Perera says:

      අම්නේ අම්නේ සේනදිපතිගේ 5000ක්මෙන්ට් බයියෙක් 😂😂🖕🖕

  2. Nishanthi says:

    Ane mandaa me rate minissu maath ethuluwa paw me ratata hodak wei kiyalaa gotabaya path kara gaththa.namuth adoora darshi paalanaya nisaa ha wanchaawata dooshanayata ida dee me rata kewaa naya aragena apata oroththu nodena sanwardana weda kalaa anthimata una sanwardanayak naa.rata ahasa usata naya kalaa.me deshapaaluwanta nam Saha gahanna owne me aparaadawalata.ekama de me aurudu 74 ta una uddaya nethi kala eka vitharai.a beraa gaththa ratath wedi dinak yanna kalin kaata ho sinna wei.harimq dukai.kaalakani kewa apawath ratath

  3. dev says:

    mona kalakanniyeka me doca

  4. නලින්ද සිල්වා says:

    මේ ප්‍රකාශය සම්පූර්ණ වෙන්න නම් “එසේ හෙයින් මෙම අක්‍රමිකතා වලට විරෝධය පෑම සඳහා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවීමට තීරණය කර ඇත” කියලා කියන්න ඕනේ නේ ?

  5. බූදූවරු දේශපාලනය කලෙත් නෑ දෙවිදත් තෙරල බූදූවූනෙත් නෑ හරිත ගිනි දෙයියෝ.... says:

    බූදූවරු දේශපාලනය කලෙත් නෑ දෙවිදත් තෙරල බූදූවූනෙත් නෑ හරිත ගිනි දෙයියෝ…. රට කලඹන විවේචන තාලෙකට නතර කරපියව්. ගසා කාලා බඩවල් පිපිරිලා බඩවැල් එළියට පෑනල තොපි මැරෙන්නේ ගෙම්බො වගේ. නොදකින්. හෙට අනිද්දට අරගල කරුවන්ට තූවක්කූ දීලා ලංකාව ඇෆ්ගනිස්තානය කරනවා. එතකොට හැමනියව්.

    • Saman says:

      Monawada pissu harako tho oua dodawanne? Gihin psychiatrist kenek hamba wela beheth ganin pissu kaalakanniya.

  6. sunimal says:

    මුන් දන්නවා මුන්ට කොමිස්ග හන්න ආයෙත් 9 වෙනිදායින් පසු අවස්ථාවක් නැවත එන්නේ නැතිබව

Main News