රුපියල් 20 කාසියක් වෙයි.. පලමු කාසිය ජනපතිට..
December 31, 2020 at 6:48 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබිණ.
කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමීනියම් සහ ලෝකඩවලින් නිමවා තිබේ. කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරේ.
මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්‍රික් ශාඛා විසින් රුපියල් 1300ක මුදලකට කාසිය අළෙවි කිරීමට නියමිතය.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත සහ මහ බැංකුවේ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
ආර්ථිකය කඩා වැටීමේ ලක්ෂණ
ape rate aarthikaya goda demeeme palamu piyaara….maara mola thamai.
Economy is going down. Thats one thing. But showing stupidity is something else. This is a limited edition of 3000 Rs 20 coins.
The original news header said ….lowest note will be 50/=. Check it again..
ලක්ෂන පේනට ගත්තේ රනිලා බැංකු කැඩුව නිසා
// මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය //
බාගෙට කියවන්න එපා
පුතානෝටම ගැලපෙන ආර්ථික ඔස්තාර්ල. සමන් ගොයියෝ, සමරු කාසි ගහන්නේ ආර්ථිකේ වැටිච්ච නිසාද. විවෘත ආර්තිකේ ගෙනත් පිට රට සමාගම් වලට මේ රටේ ඕන ඕන විදියට නටන්න දීල මෙහේ තිබුනු සමාගම් විනාශ කරලා දැන් එනවා කඩා වැටීම ගැන කියන්න.
Agree. clear signs of depressiation of rupee. not ideal time for clelebration
Me yana vidiyata thava tika davasakin 1000 kaasiyath ei . jayaveva .
ප්‍රවෘත්තිය කියවල කමෙන්ට් එක දාපිය. සමරු කාසි ගැනත් ඉගෙන ගෙන හිටු.
ඉතා ඉක්මනින් 5000 කාසියකුත් ගහනබවට ස්තීරයි
නියමයි ජයවේවා ස.
රුපියල් 1300/= කට රුපියල් “විස්සක්” අලෙවිකරන එක වස් වදින වැඩක්නේ මහත්තයෝ…
සමරු කාසියයි, 70 වසරක් සැපිරීමයි තේරුම්ගන්න බැහැනෙ සමහර අයට. පැති 7ක් තිබීම, ආයතනය ප්‍රධානම මූල්‍ය ආයතනය වීම, කාසි 3000ක් පමනක් නිකුත් කිරීම ආදී කාරණා කිසිවක් හිතන්නෙ නැතිව ඔහේ කොමෙන්ට් කරනව. මේ මිනිස්සු නිසා තමා අපතයො පාර්ලිමේන්තු යන්නෙ.