රුපියල් 250ටවත් කළුකඩේවත් ඩොලර් නෑ..

July 5, 2021 at 11:20 am | lanka C news
රුපියල් 250ටවත් කළුකඩේවත් ඩොලර් නෑ..

මුල්‍ය වෙළඳපොලේ විදේශ මුදල් දැඩි හිග තාවයක් ඇතිවී තිබෙන බව ඒ සම්බන්ධ ව්‍යාපාරිකයන් කියා සිටිති.

රජයේ සහ පෞද්ගලික බැංකු වලින් ඩොලර් මිලදී ගැනීමට ඉතා අපහසු තත්වයක් ඇතිව තිබෙන බවත් ඔවුන් කියා සිටිති.

පිටකොටුව සහ ගුවන් තොටුපළ ආශ්‍රිතව තැරැව්කරුවන් හරහාද ඩොලර් මිලදී ගැනීමට ඉතා අපහසු බව ද පවසන ඔවුන් ඇතැම් අවස්ථාවල රුපියල් 250කට මුදලකට වත් ඩොලර් මිලට ගැනීමට හැකියාවක් නැති බව ද පවසති.

ශ‍්‍රී ලංකාව මේ වන විට දැඩි ඩොලර් හිඟතාවකින් පෙලෙන අතර විදේශ මුදල් රටින් පිටවීම පාලනය සදහා තීන්දු රැසක් ද ගෙන තිබේ.

64,090 views

9 Comments to “රුපියල් 250ටවත් කළුකඩේවත් ඩොලර් නෑ..”

  1. Opa-dupa says:

    පොඩ්ඩක් ජුලි 8 වෙනකං ඉවසන්න . ඩොලර් එක රුපියල් 150 ට විතර බහීවි. ලංකාවට කිරි ඉතිරේවි.

    • King Bull says:

      ඩොලර් ටිකක් අච්චු ගහන්න බැරිද?
      චුට්ටනේ.

  2. බන්ඩා says:

    විදේශ විනිමය පාලනය කලහම කලුකඩ ඇතිවෙන බව අපි පුරැද්දෙන් දන්නවා.

  3. නාමරත්න says:

    8 වෙනිදා වෙනකම් ඉවසලා ඉන්න

  4. සිංහල බන්ඩා says:

    ණයට අරන් පඩි වැඩි කරගෙන බාල් නැටුවම පවුලකට උනත් ඔහොම වෙනවා. දැන් පිටි තද කර ගමු.

  5. ලන්සලගෙන් අහල බැලුවෙ නැද්ද ….බැසිල් ආවම ඩොලර් එක කීයට බස්සනවද කියල….?

  6. සනත් ඉතාලිය says:

    මේ ඔක්කොම අර්බුද බැසිල් පාර්ලිමේන්තුවට රින්ගවන්න. තෙල් පොහොර ඩොලර් මේව මවාපාපු අර්බුද. බැසිල් ආවගමන් ඕව ටිකෙන් ටික හරියනව. එතකොට බැසිල නිකන්ම වැඩ කාරය වෙනව. මේව දේශපාලන ගේම් මල්ලි කපන්න ඕන් එකාව කපන්නත් පුම්බන්න ඕන එකාව පුම්බන්නත් පලාත්පාලන මන්ත්‍රීල සෙට් එකක් ඉන්නව. උන් ගානට ඒ වැඩේ කරනව. ඊයෙ උන් සීනිගමත් ගිහින් තිබ්බෙ බැසිල්ව පාර්ලිමේන්තු එවන්න කියල

  7. යැංකි says:

    ඇමරිකන් කුමන්ත්‍රණයක්වත්ද?

  8. මෝ says:

    පවුලක් විසින් කාබාසීනිය කල ලෝකේ පලමු රට.චීනවත් ගොඩගත්තොත් හොදයි උන්ගෙ කොලනියක් කරගෙන.

Main News